පසුගිය මැතිවරණය හේතුවෙන් සින්ඩිය බැලීම එපා වි තිබිනි.මක් නිසාද යත් එය බොහෝ දුරට මඩ පිරුනු දේශපාලන සින්ඩියක් ලෙස දිස්වුන බැවිනි.දැන් සියලු ප්‍රතිඵල නිකුත් වී අවසාන වී ඇත.මහින්ද රාජපක්ෂ මහතා සියයට හැටකට ආසන්න ප්‍රමාණ්යකින් ජයග්‍රහණය කර ඇත.යුද්ධයට බාධා එල්ල කල අශුද්ධ සන්ධානයක් සමඟ එක් වීම නිසා සරත් ෆොන්සේකා මහතා පරාජය වුන බව මගේ පෞද්ගලික මතයයි. එහෙත් ඔහුගේ යුධ වීරත්වය රට වැසියාට අමතක නොවනු ඇතැයි සිතමින් නැවතත් ජනාධිපතිතුමා සමඟ එක් වී රටේ සුභ සිද්ධිය සඳහා ක්‍රියා කිරිමට වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.