ආරංචි විදියට උසස් පෙළ විභාගයත් ඉවර වෙන්න කිට්ටුයි.මේ සටහන ලියන්න හිතුනේ මෙතනින් එහාට කඩකාරයෝ ගොඩාක් අපේ නංගිලා මල්ලිලාව ඩැහැගන්න බලාගෙන ඉන්නෙ හරියට දිය රකුසන් වගේ.A/L ඉවර වුනාම නංගිලා මල්ලිලා අතර පිරිස් 4ක් ඉන්නවා.ඒ හතර ගොල්ලන්ටම මගේ අත්දැකීම් අනුව පොඩි අවවාද ටිකක් ලියන්නම්.
එක ගොල්ලක් තමයි කිසිම අවුලක් නැතුව රජයේ විශ්ව විද්‍යාලයකට යන්න පුලුවන් වෙන්න විභාගය සමත් වෙන පිරිස.මේ ගොල්ලො නම් වැරදි කඩකාරයෙකුට අහුවුනත් විශ්ව විද්‍යාලය තුලට ගියාම හරි පාර හොයාගන්න සෑහෙන්ට ඉඩ තියෙනවා.ඒක හින්දා ලොකු අවුලක් නම් නැහැ.ඒත් ඉතින් විශ්ව විද්‍යාලයට ගියාම ඔක්කොම හරි කියලා හිතුවොත් වැඩේ අවුල් යනවා.එතනට ගියාම තමන් තනියම පොත් කියවලා අන්තර්ජාලය හොඳට භාවිතා කරලා තමන්ට අවශ්‍ය දැනුම හොයාගන්න ඕන.
අනිත් පිරිස තමයි ආයේ පාරක් විභාගය ගන්න හිතන පිරිස.ඒ කට්ටියට හොඳම වැඩේ තමයි හොඳ revision පන්ති 3ක් තෝරාගෙන ප්‍රතිඵල එන්න කලින්ම ඊලඟ අවුරුද්දේ විභාගයට හොඳට ලෑස්ති වෙන එක.ප්‍රතිඵල එනකම් fun එකේ ඉන්න ඕන කියලා හිතුවොත් ආයෙත් අපරාදේ කාලේ නාස්ති වෙනවා.ඊට පස්සේ ආපහු වැඩ පටන් ගන්නත් අමාරුයි fun එක වැඩි වුනොත්.
ඔන්න මගේ මාතෘකාවේ වැදගත්ම පිරිස තමයි ඊලඟට එන්නේ.ඒ කියන්නේ ආයේ පාරක් විභාගේ නම් ලියන් නෑ campus යන්න බැරිවුනත්, මොනා හරි external degree එකක් හරි, private degree එකක් හරි එහෙමත් නැතිනම් මොනා හරි course එකක් කරන්න ඕන කියලා හිතන පිරිස.මෙහෙම හිතුවාට කිසිම වැරැද්දක් නෑ කියන එකයි මගේ මතය.හැබැයි එහෙම වෙන්නේ හරියටම තමාට ගැලපෙන පාර තෝරගෙන ඒ සඳහා සුදුසුම තැන තෝරගන්න අයටයි.මේ ගැන තමයි පුදුම විදියට පරිස්සම් වෙන්න ඕන.
ලංකාවේ විශ්ව විද්‍යාලවලින් ඉතාමත්ම හොඳ external degrees තියෙනවා.(උදා:-කොළඹ හා මොරටුව විශ්ව විද්‍යාලවලින් පිරිනමන BIT ).නමුත් ඔබගේ උපරිම කැපවීම හා මහන්සිය අත්‍යාවශ්‍යයි මේ degree එකක් ගොඩ දාගන්න.කැපවීම තියේනම් කිසිම ගැටළුවක් නෑ.private degree එකක් කරනවානම් ඔයගොල්ලන්ට පුලුවන් පිලිගත් තැනක පටන්ගන්න, තම තමන්ට වියදම් කරන්න පුළුවන් සීමාව පිලිබඳ අවබෝධයෙන්.උදාහරණ ලෙස SLIIT,APIIT,IIT වගේ තැනක්.මේ වගේ තැන් මුලු රටම ඒ වගේම industry එකෙත් පිළිගත්ත තැන්.හැබැයි නංගියේ මල්ලියේ කඩවලටනම් අහු වෙන්න එපා.ඔය ගොල්ලන්ව අවුරුද්දකින් JAVA enigineer කෙනෙක් කරන්නවත් දින හතෙන් business application ලියන්න පුලුවන් තැන්වත් ලංකාවේ නෑ කියන එක හොඳට මතක තියාගන්න.එහෙම නම් ඒ තැන් වල උගන්නන්න ඕන විශ්වකර්මයෝ.ඒ වගේ තැන් වලට අහුවෙලා තමන්ගේ ජීවිත කාලය තුල හොඳම කාලය අපතේ යවා මුලු ජීවිතයම විඳවාගන්න නම් එපා,මේ වගේ කඩ තුල ඇති රසය තමයි සෑහෙන කාලයක් තමන් රැවටී ඇති බව නොතේරෙන එක,විශ්ව විද්‍යාලවලට බනිමින් අනිකුත් ආයතන වලට බනිමින් ඔයගොල්ලො මුරුංගා අත්තේ තබා උන්ගේ මඩිය තරකරගන්නා ආකාරය කාලයක් යනතුරු තේරෙන්නේ නැත.
මගේ කතාවේ ඊළඟ පිරිස තමයි ඉගෙන ගන්නෙම නෑ කියලා හිතන පිරිස.ඒ ගොල්ලන්ට කියන්න තියෙන්නේ මිනිහෙක් වෙන්න ඉගෙන ගන්න ඕනම නෑ තමයි. ඒත් අම්මලා තාත්තලාට වදයක් නොවී රටට වැඩදායක පුද්ගලයෙක් වෙන්න තමන්ට පුලුවන් මොනයම් හෝ ආකාරයකින්.
ඉතින් කාට පහර වැදුනත් එක්කෙනෙකුට දෙන්නෙකුට හරි නිවැරදි තීරණයක් ගන්න පුලුවන් වෙයි කියලායි මේක ලිව්වේ.(විදේශ විශ්ව විද්‍යාල ගැන සඳහන් නොකරේ ඒ පිලිබඳ අත්දැකීම් අඩු නිසයි.තොරතුරු තාක්ෂණය සම්බන්දයෙන් පමනක් උදාහරණ ලබා දුන්නේ මාගේ අත්දැකීම් අනුසාරයෙනි).
Hariyata hari
ReplyDeleteඑල පෝස්ට් එක :)
ReplyDelete:) I agree with it.
ReplyDeleteAnd everyperson have their own way.
දැන ගියොත් කතරගම නොදැනගියොත් අතරමග....ඒ හින්දා දැන ගෙන හරි පාරේ යන එක තමා ගුණ....
ReplyDeleteකතාව ඇත්ත වැඩිදෙනෙක් මේ කතාව තමන්ගේ සහෝදර සහෝදරියන්ට කීවොත් තමා වඩා හොද
ReplyDeleteනියමයි....
ReplyDeleteප්‍රයෝජනවත් ලිපියක්. මම එහෙම කිව්වෙ අව්රුදු දෙකක් තිස්සෙ මහන්සි වෙලා හොඳ පණ ගිහිපු අය මේ ලිපිය කියවිය යුතුම කියල මම හිතන නිසා.
ReplyDeleteදෙවෙනි ඡේදයෙ තියෙන "...........කිසිම අවුලක් නැතුව රජයේ විශ්ව විද්‍යාලයකට යන්න පුලුවන් වෙන්න විභාගය සමත් වෙන පිරිස.මේ ගොල්ලො නම් වැරදි කඩකාරයෙකුට අහුවුනත්........" -- මේන ගැන කියන්න තියෙන්නෙ අවුලක් නැත්තෙමත් නෑ. කඩකාරයට අහුවුනාම ලොකු මුදලක් අපතේ යනවා. ඒකයි වෙන්නේ.
කතා ඔක්කොම ඇත්ත. විභාගෙ දවස් වල ඉස්කෝලෙ ගේට්ටුව ගාව කොච්චර කට්ටිය ඉන්නවද එක එක පාඨමාලා ගැන විස්තර පත්‍රිකා තියාගෙන.
ReplyDeleteඒ උනාට මම පොඩි දෙයක් දකිනව. ඔබ කතා කරල තියෙන්නෙ පරිඝණක ක්ෂේත්රයට අදාල පැති විතරයි. ඒ ඔබ මෘදුකාංග ඉංජිනේරුවෙක් නිසා වෙන්න ඇති. ඊට අමතරව තව කොච්චර පැති තියෙනවද ඉදිරියට යන්න පුලුවන්. ඒව ගැනත් හොයල බලල තමන්ට ගැළපෙන ක්ෂේත්රය තෝරා ගන්න ඕනෙ.
වෙන අයගෙ බල කිරීමට වැරදි පාරක ගියොත් පාඩුව තමන්ටමයි.
I hope more people read your post. Please do another post on the diverse kind of jobs available in the world and what needs to be done to qualify to do these jobs so that young people aware and can choose at early age.
ReplyDelete@Anonymous
ReplyDeleteYes,I hope to do so with the availability of the time.
@H. Madhawa Ranga
අනිවාර්යයෙන්ම.අනෙකුත් ක්ෂේත්‍ර ගැනත් සොයා බලා ලිපියක් ලියන්න ඉදිරියෙදී බලාපොරොත්තු වෙනවා.අපේ ක්ෂේත්රය ගැන යම්තාක් දුරට දැනීමක් තියෙන නිසයි ඒ සම්බන්ධයෙන් වැඩිපුර ලියවුනේ.
@ශාකුන්තල
ඒක නම් ඇත්ත මල්ලී.හැබැයි ගාන කෙලවුනත් ඉක්මනටම ඇත්ත තේරෙනවා
@all
ස්තූතියි ප්‍රතිචාරවලට