Friday, August 14, 2009

පෙරළිකාර ගාන්ධර්වයානෙනි, අද සවස වනතුරු ඉවසිල්ලක් නොමැත

ශ්‍රි ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ එදා මෙදාතුර පෙරළිකාරයාගේ මහා සංගීත සැඳෑව රස විඳීමට පුනා පුනා බලා සිටින මා සවස් වෙනතුරු සිටින්නේ මහත් වූ ආශාවෙනි.කුඩා කල සිටම මා ඔහුගේ ගීත රස විඳි වාර ගනන මෙතැකැයි කියා, කියා නිම කළ නොහැක.ඔහුගේ වු පෙරළිකාර ප්‍රතිභාව සැමදාමත් තාරුණ්‍යයේ රිද්මය හා කොතරම් පෑහුනිද යන්න ඔහුගේ සදාකාලික නිර්මාණ අතලොස්ස සාක්ෂි දරනවා ඇති.80 දශකයේ මුල් භාගයේ සිට ඔහු කල නිර්මාණ අදටත් අප හට දැනෙන්නේ ඒ තාරුණ්‍යය හා කැටි වූ මහත් වූ නැවුම් භාවයකිනි.බඹර පහස, දිගන්තයේ වැනි කැසට් පට මේ රට තුල තැබු වාර්තාගත අලෙවිය මල්කාරයින්ටවත්, බස් රථ තුල අඬා වැලපෙන නපුන්සකයින්ටවත් කිසිද බිඳීමට නොහැකි විය.

එහෙත් පසු කලෙක අප රටේ කාලකණ්නි රාජ්‍ය තන්ත්‍රය මේ මහා පෙරළිකාරයගේ නිර්මාණාත්මක වටපිටාව විනාශ කර දැම්මේ පුදුමාකාර සාහසික ආකරයිනි.බැරිම තැන ඔහු රට හැරදා ගියේය.එහෙත් අදටත් ඔහුගේ නිර්මාණ වලට පෙම් බැඳි මහත් වූ රසික පිරිස ඔහු හැර ගියේ නැත.ඔහුගේ නිර්මාණ එනතුරු මඟ බලා සිටියහ.අද සවස ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර සතියකටත් පෙර විකිණි අවසන් වූයේ ඒ නිසාය.

රූකාන්ත ගුණතිලක ගාන්ධර්වයාණනි....

අපි අද සවස සුගතදාස ක්‍රීඩාංගණයට පැමිනෙන්නෙමු.අනාථ මාරුතේ කුණාටු සාගරේ නිහඬ මාවතේ නිල් තරු නෙතු හිනැහෙන සඳ පාන වාගේ දිලෙමින් ජීවිතේ සුන්දරද මෙතරම්... ඔබ හඬින් කියා දෙන හැටි අසන්නට අපි එන්නෙමු.

8 comments:

  1. ඇත්තෙන්ම ඔහු අති විශිෂ්ඨයෙකි.

    ReplyDelete
  2. අනිවා...... :(

    මචන් රෙකෝඩ් කරගත්තොත්, අපිටත් share කරන්න.......!! :D

    ReplyDelete
  3. @Uraj Deemantha

    අනිවා, රෙකෝඩ් කරගත්තොත් share කරන්නම්.ටික දවසකින් videos එලියට ඒවි

    ReplyDelete
  4. රූකාන්ත එන්න ඕන මෙයාට ලියන්න මතක් වෙන්නත් :D
    කොහොමෙන් හරි බ්ලොග් එකේ පාලු කපපු එක නම් ලොකු දෙයක්
    Thank u රූ කාන්ත !

    ReplyDelete
  5. ජනකාන්ත මනකාන්ත රූකාන්ත
    මෙහෙම කිව්වෙ පණ්ඩිත් අමරදේව

    ReplyDelete
  6. උඹේ කතාව හරියටම හරි . .. ඔහු .. යුග පෙරලියක් කල . . . සංගීත වේදියෙක් . . .

    ReplyDelete
  7. සැබවින්ම ඔහු දක්ශයෙකි.

    ReplyDelete