Tuesday, October 20, 2009

Google හදිය

ගිය සතියේ අපේ කාලිංග ඇතුලත්මුදලි(http://sinhala.kalingasblog.com/) අයියා හමුවුන වේලාවක පොඩි කතා බහක් ඇති වුනා Google නැතුව වැඩ කරන්න පොඩි ට්‍රයි එකක් දෙන්න පුලුවන්ද කියලා.අඩුම ගානේ දවසක්.මාත් ටිකක් කල්පනා කරලා බැලුවා එහෙම පුලුවන්ද කියලා.ඒත් ටිකක් වෙලා හිතලා බලනකොට තමයි තේරුනේ ඒක නම් හීනයක් කියලා.මොකද ඒ තරමටම අපි ඒකට ඇබ්බැහි වෙලා ඉවරයි.

මං ඊට පස්සේ තවත් ටිකක් කල්පනා කරනකොට මතකයට ආවා දැනට අවුරුදු දහයකට විතර කලින් මං Google කියලා එකක් අහලවත් තිබුනාද කියලා.ඇත්තටම නෑ.කාලය කා දමන්න NetCafe එකකට රිංගනකොට යන්තම් අහලා තිබුනේ ‍Yahoo ගැන විතරයි.ඒකත් පාවිච්චි කරේ මේවා තමයි Search Engine කියලා හිතාගෙන නෙමේ.‍Yahoo ගැනත් කිව්වේ දවසක් NetCafe එකේ මට එහා පැත්තේ ඉන්දගෙන හිටපු යාලුවෙක්.අමාරුවෙන් අකුරු ගලපමින් URL ටිකක් ටයිප් කරන්න දඟලනවා දැකලායි ඒකත් කියලා දුන්නේ.

ඊට පස්සේ පරිගණක විද්‍යාව හදාරන්න හීනෙකින් වත් හිතපු නැති මට A/L විභාගයේ ප්‍රතිඵල අනුව ඒක හදාරන්නත් වුනා.ආපු කාලේ මෙලෝ රහක් නෑ.Game එකක් ගහන්නයි තව පොඩි වැඩ ටිකකටයි විතරයි මට ඒ කාලේ පරිගනකයක් ඕන වුනේ.කොහොමෙන් හරි යාලුවෙක් මට ‍Yahoo Email Account එකකුත් හදල දුන්නා.ඒ කාලේ වෙනකොටත් Google ගැන මෙලෝ idea එකක් තිබුනේ නෑ.Email හදන්න දෙන්නෙත් මොකක්දෝ invitation ක්‍රමයකට කියලායි අහන්න ලැබුනේ.ඔන්න අවුරුද්දකට විතර පස්සේ search engine එකක් කියන්නේ මොකක්ද කියලත් පොඩ්ඩක් දැනගත්තාට පස්සේ google.com පාවිච්චි කරන්න ගත්තා.වැඩේ ටිකක් අල්ලලා ගියා.ටිකෙන් ටික දවසින් දවස Google search engine එක විතරක්ම පාවිච්චි කරන්න ගත්තා.ඊට පස්සේ Yahoo පාවිච්චි කරන ඒක නතර වෙලා ඒක නැත්තටම නැති වෙලා ගියා.

පස්සේ හාහාපුරා කියලා invitation ක්‍රමය ඉවර වුනාට පස්සේ Google email account එකකුත් හදාගත්තා.ඒත් මාස පහක් හයක් යනකන් primary එක වුනේ yahoo.හැබැයි මං වත් දන්නැතුව primary එක Google වලටත් secondary එක yahoo එකටත් මාරු වුනා.අදටත් කල්පනා කරන්නේ ඒක වුනේ කොහොමද කියලා.දැන් ඉතින් සතියකට එක සැරයක් වාගේ තමයි Yahoo account එකට යන්නේ, ඒත් නිකමට හරි browser එකක් open කරගත්තාම Google account එකටනම අනිවාර්යෙන්ම යනවා.මොනාවුනත් තාම ගිනිහිවලා අතෑරලා Google Chrome වලටනම් මාරුවුනේ නෑ.ඒ වගේම දැන් මාස දහයක විතර ඉඳලාම මගේ Software Development කටයුතු සිද්ධවෙන්නේත් Google Apps සම්බන්ධවයි.ඒ සඳහා Google විසින් වෙනම API දීලා තියෙනවා.full interesting වැඩක්.ඉදිරියෙදි ඒ ගැන වෙනම බ්ලොග් එකක් ලියන්න හිතන් ඉන්නේ.අන්තිමේට මගේ බ්ලොග් එකේ දත්ත රැස් කරන්න භාවිතා වෙන්නෙත් Google Analytics.

මටනම් හිතෙන්නේ Google වල තියෙන simplicity එක තමයි මේකට ගොඩක්ම බලපානවා ඇත්තේ කියලයි.Simplicity is better than Complexity කියලා පොඩි කියමනකුත් තියෙනවානේ.හැබැයි Google කට්ටිය බැරි වේලාවත් ඒ කට්ටියගේ services වලට අයකරන්න ගත්තොත් මොනවා වෙයිද?ඒක හිතන එක මේක කියවන අයට බාරයි.මේ කියන Google හදිය ඔය ගොල්ලන්ටත් වෙලාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.

10 comments:

  1. ඔයාට ඔච්චරම Google එක අතාරින්ඩ ඕනෙනම් දවසකට, www.ask.com එක ට්‍රයි කරල බලන්න. ඒක තමයි දැනට දෙවැනියට වගෙ හොදට තියෙන්නෙ. මමනම් ඉදල හිටල ඉන්ටනෙට් connection එක චෙක් කරන්ඩ ඒක බාවිතා කරනව.,

    ReplyDelete
  2. @රොකියා

    ඒකත් නරකම නෑ.බලමු ටිකක් පාවිච්චි කරලා :-)

    ReplyDelete
  3. මමත් යාහූ search අතෑරලම වගේ තමයි ඒත් මගේ ඊ-මේල් ලිපිනය තවමත් y-mail නමුත්g-mail එකකුත් තියනවා ඒක හදාගත්තේ ඔයා කියපු අර invitation ක්‍රමයට තමයි. මටනම් ගූගල search එක තරම් වෙන ඒව හොඳ නෑ මොකද අනිත් ඒවල search එකට වඩා ඒ අයගේ ඇඩ් නේ තියෙන්නේ.

    ReplyDelete
  4. Google is somewhat different and it's better than other search engines. I think ask is not much different from yahoo and MSN. google is the most simple search engine for me. Don't know about you guys :D

    ReplyDelete
  5. දැන් නම් අදහන්න තියෙන්නේ GOOGLE දෙයියෝ තමා....මොනව කරන්න ගියත් නිකමට වගේ යන්නේ Google පැත්තෙනේ...මොකද chrome වලටත් මාරු වෙලා බැලුවොත්....

    ReplyDelete
  6. mata nam google nehe kiyanne mama mala wage thamai......yahoo search engine eka nam pavichchi kala meeta awurudu 2ta vithara kalin.

    ReplyDelete
  7. මාත් ඉතින් google කොම්පැනිය වැහුවොත් ඉවරෙටම ‍ඉවරයි :D

    ReplyDelete
  8. Google කවදාවත් සේවා වලට අය කරන එකක් නෑ..
    ගූගල්ට සෑහෙන ආදායමක් තියෙන එක එක හේතුවක්. අනිත් එක ඒගොල්ලනගෙ ආදර්ශ පාඨය "Don't be Evil".. ;)

    ReplyDelete
  9. @panhinda

    chrome එකත් හොඳයි මට, ඒත් තාම ගිනිහිවලා අතෑරියේ නෑ.දෙකම පාවිච්චි කරනවා

    ReplyDelete
  10. @ගයන්ත
    මාත් හිතන් නෑ ගූගල් කවදාවත් සල්ලි අය කරයි කියලා.මං නිකමට හිතන්න උත්සාහ කරා බැරි වෙලාවත් එහෙම කරොත් මොකද වෙන්නේ කියලා :-)

    ReplyDelete