Friday, May 14, 2010

ශ්‍රි ලාංකීය පොලිස් සෙල්ලම්

මෙම බ්ලොග් සටහන මා ලියන්නේ මා ජීවිතයේ මුහුන දුන් අමිහිරිතම අත්දැකීම වෙනුවෙනි.අනතුරකට පත් මිනිසුන් පොලිසියේ පගා මරුවන්ගේ කොතරම් නම් ගොදුරු වෙනවා ඇතිද?සම්පූර්ණ සිද්ධිය මෙසේ සිදුවිය.

දිනය හරියටම 2009 දෙසැම්බර් 25 වෙනිදාය.මාත් මගේ මිතුරන් තිදෙනුකුත් යාපනය බල යෑමට කුරුණෑගලින් පිටත් වුනේ පාන්දර 3.30 ට පමණ මාගේ පුද්ගලික කාර් රථයෙනි.අනුරාධපුරය සහ වව්නියාව අතරමැද ප්‍රදේශයකදි අප කාර් රථය දරුණු අනතුරකට මුහුණ පෑවේය.වර්ෂාව හේතුවෙන් වාහනය් ලිස්සා පාරෙන් ඉවතට පැන දුරකථන කනුවක හැපී ඉන්පසු කුඹුරකට පෙරලින.මේ වන විට වේලාව උදේ 6ට පමන විය.බඳ පටි පැලඳ සිටි හෙයින් ඇතුලේ සිටි අපට කිසිම සීරිමක්වත් සිදු නොවුන අතර වාහනය නැවත් භාවිතා කල නොහැකි මට්ටමට හානි සිදු වී තිබිනි.මෙතැන් සිට ඇරඹෙන්නේ ඊට පසු අපි ශ්‍රි ලාංකීය පොලිස් සෙල්ලම්වලට මුහුන දුන් සැටිය.

ප්‍රථමයෙන් අපි කලේ 119 ට කතා කර අපිට සිදුවුන දේ පවසා ලඟම ඇති පොලිසියට මේ බව දැනුම් දෙන ලෙසය.ඉන් පසු පැය දෙකකට පමණ පසු කොස්තාපල්වරු දෙදෙනෙක් සිද්ධිය වූ තැනට පැමිනි අතර වර්ෂාව මැද වුවද ගමේ සිටි මිනිසුන් අපගේ උදව්වට් පැමින සිටියෝය.ඉන්පසු ට්‍රැක්ටරයකින් අප වාහනය කුඹුරෙන් පිටතට ගත් අතර පොලිස් ස්ථානයටද රැගෙන ගියේය.මේ වනවිට අප මෙම සිද්ධිය අපගේ ගෙවල්වලට දැනුම් නොදුන්නේ ඔවුන් කලබල වන බැවිනි..අපි මෙම චාරිකාව ඉතා දුර ගමනක් බැවින් හැඳ සිටියේ කොට කලිසම් සහ ටී-ෂර්ට් අතර පොලිසියට ගිය පසු ඔවුන් අප දෙස බැලුවේ රස්තියාදුකරයන් ලෙසය.
මුලින්ම එතන හිටපු ඕ.අයි.සී උන්නැහේ අපිට නොසෑහෙන්න පොලිස් භාෂාවෙන්ම බැන වැදුනේ අපිට සිද්ධිය විස්තර කරගන්නවත් ඉඩ නොදීය.ඉන්පසු ඔහු කිව්වේ වාහනය මුදා හැරීමටනම් දුරකතන කණුවේ අලාභය ටෙලිකොම් එකට ගෙවන ලෙසය.අපි එය පිලිගත්තද එදින නිවාඩු දිනයක් බැවින් එය ගෙවන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවිනි.ඉන්පසු මිතුරෙකුගේ මාර්ගයෙන් අනුරාධපුර ටෙලිකොම් එක විවෘත කරවාගෙන එහි ගොස් එම අලාභය ගෙවා රිසිට් පතද රැගෙන නැවත් පොලිසියට පැමිනියෙමු.එතනින් පසු පැමිනෙන්නේ කතාවේ රසවත්ම කොටසයි.

ටෙලිකොම් සමාගමෙන් කිසිම ප්‍රශ්නයක් නැති වුවද ඕ.අයි.සී උන්නැහේ දාහක් කරුණු පවසමින් කිව්වේ නඩුවක් දමන්න වන බවය.මෙහිදී අපද දන්නා තරමින් තර්ක කලෙමු.එහෙත් සුළු වේලාවකින්ම ඔවුන්ගේ සක්කිලි අරමුන අපිට පැහදිලි විය.පී සී උන්නැහෙලා දෙන්නෙක් පංගාත්තු කර ඔවුන් සමග ප්‍රශ්නය විසඳා ගන්නා ලෙස පවසා ඕ.අයි.සී උන්නැහේ හෙමින්ම මාරු විය.ඉන්පසු පී සී උන්නැහේලා දෙන්නා අපිට පැවසුවේ සිද්ධිය ගොඩින් බේරාගන්න පුලුවන් 10000/=ක් දෙනවානම් කියලාය.පොලිසියේ පගා කතා ගැන කොතරම් අසා තිබුනත් මුලින්ම මෙවැනි අවස්ථාවකට මුහුන දුන් ප්‍රථම අවස්ථාව බැවින් අපි වික්ශිප්ත වුනෙමු.අපිත් සල්ලි හම්බකරන්නේ අපේ දුක් මහන්සියෙනි.ආණ්ඩුවෙන් පඩි ගන්න මුන්ට මොකටද අපේ සල්ලි දෙන්නේ යන හැඟීම සිතට ආ අතර මෙතරම් දුර ප්‍රදේශයක දන්නා හඳුනන කෙනෙක් නැතුව කරදරයට පත් වී සිටින අපිට මුන් කරන්නේ ගහෙන් වැටුන මිනිහාට ගොනා අනින වැඩක් නේද යන හැඟීමත් මුන් මිනිස්සුද යන හැඟීමත් ඇති විය.එහෙත් මෙවැනි පාහරයන් සමඟ ප්‍රශ්න ඇති කරගන්නවට වඩා මුන් කියන විදියකට කරලා වාහනය නැවතත් කොළඹ රැගෙන ඒම අපේ අරමුණ විය.

ඉන්පසු අපි 10000/= ක් වැඩි කී විට මුන් එහෙනම් 5000/=ක් දෙන්න යයි කීවේය.අපි තවත් ටිකක් කේවල් කර ගාන 4000/= ට බැස්සු අතර එතනින් එහාට අඩු කරන්න මුන් කැමති වුනේ නැත.ඉන් පසු අපි පුදුමාකාර හිරිකිතකින් රුපියල් 4000/=ක් අතේ ගුලි කර රාජ්‍ය ලාංඡනය ඉදිරිපිටම උන්ට පිදුවෙමු.උන් කිව්වේ "මේවා අපිට නෙමේ, මෙහේ වාහන වලට තෙල් ගහන්න" කියායි.අනේ අපිට එතකොටනම් ශරීරයේ විවෘතව තිබු සෑම සිදුරකින්ම හිනා ගියෙමු.

ඉන්පසු එක පී සී උන්නැහේ කෙනෙක් පගාව දී තිබුනත් "බලමු මොනා හරි" කරන්න කියා වැඩේ තවත් අදින්න ලෑස්ති විය.එතනදී අපේ ඉවසීමේ සීමාවද ඉක්මවා ගිය අතර සියලු සිද්ධීන් අපේ දෙමව්පියන්ට දැනුම් දුන්නෙමු.ඔවුන් දන්නා හඳුනන අය මාර්ගයෙන් එම ප්‍රදේශයේ පොලිස් ලොක්කන් මේ පිලිබඳව දැනුවත් කෙරුනේ ඉතා ඉකමනිනි.මාරු වුන ඕ.අයි.සී ඉහින් කනින් දාඩිය පෙරාගෙන දුව ආ අතර ඒ වනතෙක් අපිට තමුසෙලා ලෙස කතා කල ඔහුට මෙතැන් සිට අපි මහත්තුරුය.ඔහුගේ පරිත්‍යාගශීලී භාවය,මනුස්සකම් සියල්ල එලියට ආවේ ඉහලින් දුරකථන ඇමතුම් ආ පසුය.දැන් ඔවුන් කෑම බීම දෙන්න ඉදිරිපත් වෙයි, අපට නවාතැන් දෙන්න ඉදිරිපත් වෙයි, වාහනය එක පාරටම නිදහස්ය, පොලිස් වාර්තාව අපි කියන ඕනෑම ආකාරයකට ලිය දෙන්න සූදානම් වෙයි,වාහනය කොළඹට ඇදගෙන යාමට වාහන සොයා දෙයි, අපිට කෝච්චියේ යන්න ටිකට් වෙන් කර දෙයි.අපෙන් ගත් පගාව ගැන ඕ.අයි.සී උන්නැහේ නොදන්න ගානටය.අනේ මෙවන් විහිළු පොලිසියක් මුලු ලොකෙටම තියේද යන්න අපට ආ හැඟීම වූ අතර දුරකථන ඇමතුම් වලින් පසු ඔවුන්ගේ චර්යා රටා සහ ඊට පෙර ඔවුන්ගේ චර්යා රටා සසඳන විට අපිට මැරෙන්නම හිනාය.

තවද අපට එදා හවස අපිට ට්‍රැක්ටරය ලබාදුන් පුද්ගලයා හමුවූ අතර ඔහු කියපු කතාව ඇසූ විට අපිට පොලිසිය තවත් එපා විය.පී සී උන්නැහේ කෙනෙක් ට්‍රැක්ටරයේ පුද්ගලයාට දෙන්න කියා මගෙන් රුපියල් 2000/=ක් ඉල්ලාගෙන ගියේය.වර්ෂාව මධ්‍යයේ වුවත් ට්‍රැක්ටර් හිමිකරු කලේ විශාල උදව්වක් බැවින් මාද නොපැකිළව එය ලබා දුන්නෙමි.එහෙත් පසුව ට්‍රැක්ටර් හිමිකරු අප සමඟ පැවසූයේ ඔහුට ලබා දුන්නේ රුපියල් 500/=ක් පමනක් බවය.එනම් අර අසරණ මනුස්සයාගෙනුත් රුපියල් 1500/=ක් මාටියා ගසා ඇත.එසේම ඕ.අයි.සී උන්නැහේ අපිත් සමඟ නඩු දාන්න තර්ක කරන අවස්ථාවේ ඔහුගේ එක් තර්කයක් වූයේ අපි 119 ඇමතූ හෙයින් අනිවාර්යෙන්ම නඩු දාන්න සිදු වන බවත් 119 භාරව සිටින අය ඒ ගැන හොයා බලන බවත්ය.ඔහුට අනුව අපි 119 ඇමතීමද වැරැද්දකි.එහෙත් පගාව ගැසූ විට ඒ තර්කද ඔක්කොම යටපත්ය.

අවසානයේ සියල්ල නිමාවුනේ චිත්‍රපටියක් ලෙසය.එම චිත්‍රපටියෙන් අපට ගත හැකි වූ දේවල් නම්

1. අපේ රටේ නීතිය සුරකින ආයතනයේ තිබෙන නීතිගරුක භාවයේ ඇති විනිවිද බව
2. කරදරයකට පත් වුන වේලාවක පොලිසියේ උන්නැහේලාගේ තිබෙන මනුස්සකම
3. අපි කොතරම් සාධාරන වුවද, වැරැද්දක් නොතිබුනද පොලිසියට යන්න සිදු වෙනවනම් කුමන හේතුවකට හෝ අපි යා යුත්තේ ඉහලම සම්බන්ධතා දැනුවත් කිරීමෙන් පසු බව
4. එසේ සම්බන්ධතාවයක් නැති හෝ මුදල් අඩුපාඩු ඇති මිනිසුන් පොලිසියෙදි කොතරම් පීඩාවට පත්වනවාද යන්න

එසේම මෙතරම් කාලයක් මේ සම්බන්ධයෙන් මුකුත් නොලියා සිටියේ මාගේ රක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ඔවුන් අවශ්‍ය වීමට ඉඩ තිබුනි බැවිනි.එසේම මේ කතාවේ ඊළඟ කොටස ඇත්තේ පොලිසියටත් වඩා සක්කිලි රක්ෂ්ණ සමාගම සම්බන්ධව අතර ඒ අත්දැකීම් එයිටත් වඩා අපේ භාෂාවෙන් කියනවනම් පට්ට චාටර්ය.ඒ ගැන වෙනම ලිපියක් පසුව දීර්ඝව ලියන්න අදහස් කරන්නෙමි.

පොලිසිය සම්බන්ධයෙන් කරන ලද හෙලිකිරීම ජීවිතයට තර්ජනයක් නොවේවා කියා ප්‍රාර්ථනා කරන අතර හුදෙක් මෙය ලිවුයේ පුද්ගලික අත්දැකීමක් ප්‍රකාශ කරන අරමුනින්ය.

Tuesday, February 16, 2010

Is " Microsoft Tech.ed 2010-Sri Lanka" successful?

Microsoft Tech.ed 2010 was held at Waters Edge on last February 8-10.As I am working with JAVA related technolgies, I was seeking to have a change and Fortunately I got a sponsorship from my working place to participate for the event.I thought It would be a great chance to find new features related to MS Technologies.I went to WatersEdge on 8th morning and as usual I saw some Microsoft's marketing stuffs and all.However I got the registration tag and wear it and particpated for the opening ceremony.The theme of the Tech.ed was "Challenge Your World".So I was more enthusiastic to particpate for the sessions since the opening ceromony was really amazing.

First session I participated was regarding the new features of MS SQL Server, but the harsh truth is it was unsuccessful session due to various reasons such as demonstrator couldn't run his illustraions and all.Later I got to know that the person who did the session has not a good history in the industry as well.The entrance fee for Tech.ed was 12000/= and I felt all the sessions will be like SQL Server session.But fortunately Prasanna Amirthalingam did his two sessions at his best.His sessions were regarding MS WCF and Entity Framework and those two sessions were really amazing to participate.The other important session conducted by the world famous security expert Bruce Schenier and his session was focused on the philosphy of the security and not on the computer security.But it was really worthwhile to listen and had some good facts to think twice.But other than those sessions,unfortunately there was no other important sessions in the Tech.ed.

So I feel personally that If somebody paid 12000/= of his own money, then there was nothing to satisfy on you for that amount.So,easily you can find all the facts which mentioned on other sessions thorugh googling or MSDN.Furthermore, I got to know that there was a restricion by Microsoft,Sri Lanka to limit the session conducting only for foreign people.But the harsh truth is We can find more resources from Sri Lanka to fulfill the Tech.ed's needs.The best examples for these is Dinesh Priyankara's SSRS lab session and Prabath Fonseka's Workflows lab sessions.Finally I felt there was a good initiative by organizing that Tech.ed, but if there was a good management and if they tried to find the experience and relevance of the people who did the sessions, then the Tech.ed 2010 could be a more succesful event.

However, As usual in Microsoft events, food was excellent and the party was really amazing to enjoy. :D

Wednesday, January 27, 2010

නැවතත් බ්ලොග්කරණයට....

පසුගිය මැතිවරණය හේතුවෙන් සින්ඩිය බැලීම එපා වි තිබිනි.මක් නිසාද යත් එය බොහෝ දුරට මඩ පිරුනු දේශපාලන සින්ඩියක් ලෙස දිස්වුන බැවිනි.දැන් සියලු ප්‍රතිඵල නිකුත් වී අවසාන වී ඇත.මහින්ද රාජපක්ෂ මහතා සියයට හැටකට ආසන්න ප්‍රමාණ්යකින් ජයග්‍රහණය කර ඇත.යුද්ධයට බාධා එල්ල කල අශුද්ධ සන්ධානයක් සමඟ එක් වීම නිසා සරත් ෆොන්සේකා මහතා පරාජය වුන බව මගේ පෞද්ගලික මතයයි. එහෙත් ඔහුගේ යුධ වීරත්වය රට වැසියාට අමතක නොවනු ඇතැයි සිතමින් නැවතත් ජනාධිපතිතුමා සමඟ එක් වී රටේ සුභ සිද්ධිය සඳහා ක්‍රියා කිරිමට වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.