මෙම බ්ලොග් සටහන මා ලියන්නේ මා ජීවිතයේ මුහුන දුන් අමිහිරිතම අත්දැකීම වෙනුවෙනි.අනතුරකට පත් මිනිසුන් පොලිසියේ පගා මරුවන්ගේ කොතරම් නම් ගොදුරු වෙනවා ඇතිද?සම්පූර්ණ සිද්ධිය මෙසේ සිදුවිය.
දිනය හරියටම 2009 දෙසැම්බර් 25 වෙනිදාය.මාත් මගේ මිතුරන් තිදෙනුකුත් යාපනය බල යෑමට කුරුණෑගලින් පිටත් වුනේ පාන්දර 3.30 ට පමණ මාගේ පුද්ගලික කාර් රථයෙනි.අනුරාධපුරය සහ වව්නියාව අතරමැද ප්‍රදේශයකදි අප කාර් රථය දරුණු අනතුරකට මුහුණ පෑවේය.වර්ෂාව හේතුවෙන් වාහනය් ලිස්සා පාරෙන් ඉවතට පැන දුරකථන කනුවක හැපී ඉන්පසු කුඹුරකට පෙරලින.මේ වන විට වේලාව උදේ 6ට පමන විය.බඳ පටි පැලඳ සිටි හෙයින් ඇතුලේ සිටි අපට කිසිම සීරිමක්වත් සිදු නොවුන අතර වාහනය නැවත් භාවිතා කල නොහැකි මට්ටමට හානි සිදු වී තිබිනි.මෙතැන් සිට ඇරඹෙන්නේ ඊට පසු අපි ශ්‍රි ලාංකීය පොලිස් සෙල්ලම්වලට මුහුන දුන් සැටිය.
ප්‍රථමයෙන් අපි කලේ 119 ට කතා කර අපිට සිදුවුන දේ පවසා ලඟම ඇති පොලිසියට මේ බව දැනුම් දෙන ලෙසය.ඉන් පසු පැය දෙකකට පමණ පසු කොස්තාපල්වරු දෙදෙනෙක් සිද්ධිය වූ තැනට පැමිනි අතර වර්ෂාව මැද වුවද ගමේ සිටි මිනිසුන් අපගේ උදව්වට් පැමින සිටියෝය.ඉන්පසු ට්රැක්ටරයකින් අප වාහනය කුඹුරෙන් පිටතට ගත් අතර පොලිස් ස්ථානයටද රැගෙන ගියේය.මේ වනවිට අප මෙම සිද්ධිය අපගේ ගෙවල්වලට දැනුම් නොදුන්නේ ඔවුන් කලබල වන බැවිනි..අපි මෙම චාරිකාව ඉතා දුර ගමනක් බැවින් හැඳ සිටියේ කොට කලිසම් සහ ටී-ෂර්ට් අතර පොලිසියට ගිය පසු ඔවුන් අප දෙස බැලුවේ රස්තියාදුකරයන් ලෙසය.
මුලින්ම එතන හිටපු ඕ.අයි.සී උන්නැහේ අපිට නොසෑහෙන්න පොලිස් භාෂාවෙන්ම බැන වැදුනේ අපිට සිද්ධිය විස්තර කරගන්නවත් ඉඩ නොදීය.ඉන්පසු ඔහු කිව්වේ වාහනය මුදා හැරීමටනම් දුරකතන කණුවේ අලාභය ටෙලිකොම් එකට ගෙවන ලෙසය.අපි එය පිලිගත්තද එදින නිවාඩු දිනයක් බැවින් එය ගෙවන්නේ කෙසේද යන ප්රශ්නය මතුවිනි.ඉන්පසු මිතුරෙකුගේ මාර්ගයෙන් අනුරාධපුර ටෙලිකොම් එක විවෘත කරවාගෙන එහි ගොස් එම අලාභය ගෙවා රිසිට් පතද රැගෙන නැවත් පොලිසියට පැමිනියෙමු.එතනින් පසු පැමිනෙන්නේ කතාවේ රසවත්ම කොටසයි.
ටෙලිකොම් සමාගමෙන් කිසිම ප්‍රශ්නයක් නැති වුවද ඕ.අයි.සී උන්නැහේ දාහක් කරුණු පවසමින් කිව්වේ නඩුවක් දමන්න වන බවය.මෙහිදී අපද දන්නා තරමින් තර්ක කලෙමු.එහෙත් සුළු වේලාවකින්ම ඔවුන්ගේ සක්කිලි අරමුන අපිට පැහදිලි විය.පී සී උන්නැහෙලා දෙන්නෙක් පංගාත්තු කර ඔවුන් සමග ප්රශ්නය විසඳා ගන්නා ලෙස පවසා ඕ.අයි.සී උන්නැහේ හෙමින්ම මාරු විය.ඉන්පසු පී සී උන්නැහේලා දෙන්නා අපිට පැවසුවේ සිද්ධිය ගොඩින් බේරාගන්න පුලුවන් 10000/=ක් දෙනවානම් කියලාය.පොලිසියේ පගා කතා ගැන කොතරම් අසා තිබුනත් මුලින්ම මෙවැනි අවස්ථාවකට මුහුන දුන් ප්‍රථම අවස්ථාව බැවින් අපි වික්ශිප්ත වුනෙමු.අපිත් සල්ලි හම්බකරන්නේ අපේ දුක් මහන්සියෙනි.ආණ්ඩුවෙන් පඩි ගන්න මුන්ට මොකටද අපේ සල්ලි දෙන්නේ යන හැඟීම සිතට ආ අතර මෙතරම් දුර ප්‍රදේශයක දන්නා හඳුනන කෙනෙක් නැතුව කරදරයට පත් වී සිටින අපිට මුන් කරන්නේ ගහෙන් වැටුන මිනිහාට ගොනා අනින වැඩක් නේද යන හැඟීමත් මුන් මිනිස්සුද යන හැඟීමත් ඇති විය.එහෙත් මෙවැනි පාහරයන් සමඟ ප්‍රශ්න ඇති කරගන්නවට වඩා මුන් කියන විදියකට කරලා වාහනය නැවතත් කොළඹ රැගෙන ඒම අපේ අරමුණ විය.
ඉන්පසු අපි 10000/= ක් වැඩි කී විට මුන් එහෙනම් 5000/=ක් දෙන්න යයි කීවේය.අපි තවත් ටිකක් කේවල් කර ගාන 4000/= ට බැස්සු අතර එතනින් එහාට අඩු කරන්න මුන් කැමති වුනේ නැත.ඉන් පසු අපි පුදුමාකාර හිරිකිතකින් රුපියල් 4000/=ක් අතේ ගුලි කර රාජ්‍ය ලාංඡනය ඉදිරිපිටම උන්ට පිදුවෙමු.උන් කිව්වේ "මේවා අපිට නෙමේ, මෙහේ වාහන වලට තෙල් ගහන්න" කියායි.අනේ අපිට එතකොටනම් ශරීරයේ විවෘතව තිබු සෑම සිදුරකින්ම හිනා ගියෙමු.
ඉන්පසු එක පී සී උන්නැහේ කෙනෙක් පගාව දී තිබුනත් "බලමු මොනා හරි" කරන්න කියා වැඩේ තවත් අදින්න ලෑස්ති විය.එතනදී අපේ ඉවසීමේ සීමාවද ඉක්මවා ගිය අතර සියලු සිද්ධීන් අපේ දෙමව්පියන්ට දැනුම් දුන්නෙමු.ඔවුන් දන්නා හඳුනන අය මාර්ගයෙන් එම ප්‍රදේශයේ පොලිස් ලොක්කන් මේ පිලිබඳව දැනුවත් කෙරුනේ ඉතා ඉකමනිනි.මාරු වුන ඕ.අයි.සී ඉහින් කනින් දාඩිය පෙරාගෙන දුව ආ අතර ඒ වනතෙක් අපිට තමුසෙලා ලෙස කතා කල ඔහුට මෙතැන් සිට අපි මහත්තුරුය.ඔහුගේ පරිත්‍යාගශීලී භාවය,මනුස්සකම් සියල්ල එලියට ආවේ ඉහලින් දුරකථන ඇමතුම් ආ පසුය.දැන් ඔවුන් කෑම බීම දෙන්න ඉදිරිපත් වෙයි, අපට නවාතැන් දෙන්න ඉදිරිපත් වෙයි, වාහනය එක පාරටම නිදහස්ය, පොලිස් වාර්තාව අපි කියන ඕනෑම ආකාරයකට ලිය දෙන්න සූදානම් වෙයි,වාහනය කොළඹට ඇදගෙන යාමට වාහන සොයා දෙයි, අපිට කෝච්චියේ යන්න ටිකට් වෙන් කර දෙයි.අපෙන් ගත් පගාව ගැන ඕ.අයි.සී උන්නැහේ නොදන්න ගානටය.අනේ මෙවන් විහිළු පොලිසියක් මුලු ලොකෙටම තියේද යන්න අපට ආ හැඟීම වූ අතර දුරකථන ඇමතුම් වලින් පසු ඔවුන්ගේ චර්යා රටා සහ ඊට පෙර ඔවුන්ගේ චර්යා රටා සසඳන විට අපිට මැරෙන්නම හිනාය.
තවද අපට එදා හවස අපිට ට්රැක්ටරය ලබාදුන් පුද්ගලයා හමුවූ අතර ඔහු කියපු කතාව ඇසූ විට අපිට පොලිසිය තවත් එපා විය.පී සී උන්නැහේ කෙනෙක් ට්‍රැක්ටරයේ පුද්ගලයාට දෙන්න කියා මගෙන් රුපියල් 2000/=ක් ඉල්ලාගෙන ගියේය.වර්ෂාව මධ්‍යයේ වුවත් ට්‍රැක්ටර් හිමිකරු කලේ විශාල උදව්වක් බැවින් මාද නොපැකිළව එය ලබා දුන්නෙමි.එහෙත් පසුව ට්‍රැක්ටර් හිමිකරු අප සමඟ පැවසූයේ ඔහුට ලබා දුන්නේ රුපියල් 500/=ක් පමනක් බවය.එනම් අර අසරණ මනුස්සයාගෙනුත් රුපියල් 1500/=ක් මාටියා ගසා ඇත.එසේම ඕ.අයි.සී උන්නැහේ අපිත් සමඟ නඩු දාන්න තර්ක කරන අවස්ථාවේ ඔහුගේ එක් තර්කයක් වූයේ අපි 119 ඇමතූ හෙයින් අනිවාර්යෙන්ම නඩු දාන්න සිදු වන බවත් 119 භාරව සිටින අය ඒ ගැන හොයා බලන බවත්ය.ඔහුට අනුව අපි 119 ඇමතීමද වැරැද්දකි.එහෙත් පගාව ගැසූ විට ඒ තර්කද ඔක්කොම යටපත්ය.
අවසානයේ සියල්ල නිමාවුනේ චිත්‍රපටියක් ලෙසය.එම චිත්‍රපටියෙන් අපට ගත හැකි වූ දේවල් නම්
1. අපේ රටේ නීතිය සුරකින ආයතනයේ තිබෙන නීතිගරුක භාවයේ ඇති විනිවිද බව
2. කරදරයකට පත් වුන වේලාවක පොලිසියේ උන්නැහේලාගේ තිබෙන මනුස්සකම
3. අපි කොතරම් සාධාරන වුවද, වැරැද්දක් නොතිබුනද පොලිසියට යන්න සිදු වෙනවනම් කුමන හේතුවකට හෝ අපි යා යුත්තේ ඉහලම සම්බන්ධතා දැනුවත් කිරීමෙන් පසු බව
4. එසේ සම්බන්ධතාවයක් නැති හෝ මුදල් අඩුපාඩු ඇති මිනිසුන් පොලිසියෙදි කොතරම් පීඩාවට පත්වනවාද යන්න
එසේම මෙතරම් කාලයක් මේ සම්බන්ධයෙන් මුකුත් නොලියා සිටියේ මාගේ රක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ඔවුන් අවශ්‍ය වීමට ඉඩ තිබුනි බැවිනි.එසේම මේ කතාවේ ඊළඟ කොටස ඇත්තේ පොලිසියටත් වඩා සක්කිලි රක්ෂ්ණ සමාගම සම්බන්ධව අතර ඒ අත්දැකීම් එයිටත් වඩා අපේ භාෂාවෙන් කියනවනම් පට්ට චාටර්ය.ඒ ගැන වෙනම ලිපියක් පසුව දීර්ඝව ලියන්න අදහස් කරන්නෙමි.
පොලිසිය සම්බන්ධයෙන් කරන ලද හෙලිකිරීම ජීවිතයට තර්ජනයක් නොවේවා කියා ප්‍රාර්ථනා කරන අතර හුදෙක් මෙය ලිවුයේ පුද්ගලික අත්දැකීමක් ප්‍රකාශ කරන අරමුනින්ය.
පහුවෙලා හරි ඇයි පොලිස් කොමිසමට පැමිණිලි නොකරන්නේ ?
ReplyDeletehttp://ciaboc.gov.lk/web/index.php?option=com_ciabokmailer&task=form2&Itemid=59&lang=si
ReplyDeleteඕව ඔහොම තමයි මල්ලි. එක දවසක් පොළිස් කාරයෙක් මගෙන් රු500 ඉල්ලුවම මම හොඳට රෝල් කරල පරණ විස්සෙ කොලයක් ඔතල දුන්නා. මුත් ලස්ස්නට ගිල්ලා.
ReplyDelete@සු෴
ReplyDeleteඒකේ ඉන්න උන් කොච්චර පගාවක් ඉල්ලයිද දන් නෑ අක්කා, ඕකුන් ඔක්කොම එකයි.
@ශාකුන්තල
ඔය කොමිසම දැන් අක්‍රීයයිලු මල්ලි.
@Anonymous
එලමකිරි
ආ.... තව දෙයක්...
ReplyDeleteරක්ෂණ සමාගම ගැන පුළුවන් නම් ඉංග්‍රීසි භාෂාවෙනුත් සටහනක් ලියන්න.
This is the modern information era, not the 18th century. Show them that customer has more power than they think.
@ශාකුන්තල
ReplyDeletedefinitely, that story is little bit longer than this.I'll try in a leisure time.But I'll write it for sure.
කොමිසමේ process එක ගැන නම් දන්නෙ නෑ. හැබැයි ciaboc.gov.lk එක revamp කළේ බොහොම මෑතකදී. (මට මතක විධියට නම් 2010 අප්‍රේල්)
ReplyDeleteඅපේ රටේ පොලිස් සේවේ හරිම තුච්චයි. ඔයාගේ නෙමේ හැම කෙනාගේම පොලීසිය සම්බන්ධ අත්දැකීම් මේ වගේම තමයි. මේවා මේ විදිහට වෙන්න අපේත් වැරදි තියෙනවා මම හිතන විදිහට. ඇයි මේ පොලීසි පාලනය කරන පොලීසි වලට නීති සම්පාදනය කරන අයව පාර්ලිමේන්තු යවන්නේ අපිමයි නේද . . . ? හැම එකටම දේශපාලනේ ගාවන එක සාධාරන නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන් ඒත් ඒක එහෙම නෙමෙයි කියලා . . මම කිව්ව දේ ත් නිවරදී කියලා හිතෙන්නේ නැද්ද?? අපෙන් චන්දේ හිඟා කන්න ආපු කීයෙක් කීදෙනෙකුට අපි මේ පොලීසියේ තත්වය ගැන දැනුම් දුන්නාද . . ?? හිතට පොඩි තට්ටුවක් දාල අහලා බලමු නේද . .
ReplyDeleteමේක කියෙව්වම ඇඟේ මාලු නටන්න ගත්තා මලේ ඒකයි මේ තරහින් වගේ ලිව්වේ . . . බලමු අපි අනාගතයේදී මේ වෙනුවෙන් . . . අපිව රකින්න ඉන්න පොලිසියෙන් අපි රැකෙන්න අපිට මොනවගේ දෙයක් කරන්න පුලුවන් වෙයිද කියලා . ..
@දුකා
ReplyDeleteඅනිවාර්යයෙන්ම අය්යා.ඔබත් එක්ක මම 100%ක් එකඟයි.මුල ඉඳලා සුද්ධ කරන්න ඕන ඔක්කොම.
කාකි ඇඳුම් ඇඳන් පොරවල් වගේ ඕකුන් පාරක හිටියත් මගේ ඇඟේ මාලු නටනවා ඕකුන් දැක්කාම මේ සිද්ධිය මතක් වෙලා.වැඩිහරියක්ම ඉන්නේ මිනිස්සුන්ව කන්න බලාගෙන ඉන්න කාලකණ්ණි.
ඇ බන් ඔය මොන පොලිසියෙද ? කැ/ති/මි මේ තුනෙන් මෝකේද ?
ReplyDeleteමේක මචං අනුරාධපුර නගරයේ පොලිසියක් නෙමේ.අනුරාධපුරය සහ වවනියාව අතරමැද පොලිසියක්.කෙලින්ම නම දාලා උන්ගේ රස්සාවට කෙලවෙයි කියලා දැම්මේ නැත්තේ.උන් ගාව මනුස්සකම නොතිබුනාට අපිට දෙය්යන්ගේ නාමෙන් තාම ඒක ඉතුරු වෙලා තියෙනවා.හැබ්යි ඕකුන්ට යාදෙන්නේ නම් නෑ ඔය විදියට හම්බ කරන ඒවා.
ReplyDeleteහැබයි ඔය වගේ කාලකන්නි කීප දෙනෙක් නිසා,මුලු පොලීසියටම දොස් කියන එක හරිනෑ,ඔය පොලීසි වල තියන කාලකන්නි ගතිය නිසා දැන් ඒකට බැදෙන පුද්ගලයන්ගෙ ගුණාත්මක භාවය අඩු වෙලා තියෙන්නෙ.දැන් පොලිස් කොස්තාපල් කෙනෙක් වෙන්න වත් පාස් වෙන්න ඕන නෑනෙ.ඒකත් සෑහෙන දුරට ඔය වගෙ හැසිරීම් වලට බලපානව.අනිත් එක ඔය වගේ පලාත් වලට දාල ඉන්න පොලිස් මහත්වරු එච්චර හොද කැරැට්ටුවක් ඇති අය නෙමේ,බොහෝ විට දඩුවමක් වශයෙන් වෙන්න පුලුවන්(ඔක්කොම නෙමෙ ),ඊට අමතරව ඉන්නෙ අලුත්ම අය(පොලිස් උශ්නෙ ආපු ගමන් නෙ ) දුශ්කර සේවය විදිහට.මං අත්දැකීමෙන් කියන්නෙ ඔය වගේ කට්ටියගෙන් සාධාරනයක් ගන්න නම් අර වගේ ඉහලින් කෝල් එකක් එන්නම ඕනා.
ReplyDelete@මද්දු
ReplyDeleteඅනිවාර්යෙන්ම,ඔබත් එක්ක මම සම්පූර්නයෙන්ම එකඟයි.ඉඳලා හිටලා හොඳ මිනිස්සු ඉන්නවා.ඒත් ඒක කලුනික හොයනවා වගේ වැඩක්.ඒ තරම්ම දුර්ලභයි.
මහ හොර යක්කු පොලිසියේ ඉන්නෙ. පගාව ගහන්නමයි හිත.
ReplyDeleteදවසක් මාව ඇල්ලුවා ට්‍රැෆික් ලයිට් එකකදි. වටින් ගොඩින් පගාව ඉල්ලගෙන එද්දි මම දඩ කොලේ ඉල්ලගත්තා මොකටද එක එකාට පගාව දෙන්නෙ කායල හිතලා.
තව දවසක් හයි ස්පීඩ් ඇල්ලුවා. මම කිව්වා ස්පීඩ් ලිමිට් තිබ්බෙ නෑ කියලා. පොර කළෙ වැරදි වැඩේ කියල දන්න නිසාද කොහෙද මට 1000 දඩේ වෙනුවට 500 එකක් ලියල දුන්නා.
පොලීසියෙන් පගා කාල කරන වැඩ ගැන අත්දැකීම් නැති කෙනෙක් නැතිව ඇති.
නීතිය රකින්න ඉන්න අය නීති කඩනවා විතරක් නෙවේ ඒ බව පෙන්නලා දුන්නහම පලිගන්න හදනවා.
මම ඔබේ අත්දෑකීම සම්පුර්නයෙන් කියෙව්වා.මමත් ඔවෑනිම අනතුරකට මුහුන දුන් වෙලේ පොලිසිය හෑසිරුනේ ඔය වගේම තමයි.එදත් මට පුදුම කල කිරීමක් ඈති උනා
ReplyDeleteමේ පොලිසිය ගෑන ,, උසාවියෙදි ඈප දෙනවට විරුද්ද නෑ කියන්නත් රුපියල් 500 ගත්තා......ගහෙන් වෑටුන මිනිහාට ගොනා ඈන්නා වගේ මනුස්සයෙක් අසරණ උනාම එලවා එලවා අනිනවා
මේ ඒ අය ගෑන
http://www.nuwans.com/search/label/police
වැඩේ නම් වැරදියි තමා ඒත මේකට පොලිසියටම බැනලා වැඩක් නැහැ. අනිත් එක බොහොම හොදට සලකලා සතයක් වත් ගන්නේ නැතුව වැඩේ කරල දෙන පොලිස් නිලධාරිනුත් ඉන්නවා. කඩවත පොලිසියේ රථවාහන අංශයේ ලොක්කා ඒ වගේ. මම ගිය වාහනය ඉස්සරහින් ගිය බස් එක පාර මැදම සිග්නල් මොනවත් නැතුව බ්රේක් කරලා ඊට අඩි 10 ටත් පස්සෙප් හිටපු අපේ වාහනේ ගිහිල්ලා හැප්පුනා. මේක අලුත්ම KIA මොඩල් එකක්. දන්නවනේ පපඩම් වගේ. මෙතන හිටපු නිලධාරියා ඒ වෙනකොට රෑ 11.00 කියලවත් බලන්නේ නැතුව පලා ගිය බස් එක අල්ලන්න හැම ස්ටේෂන් එකකටම පනිවිඩ යවලා කොහොමහරි එදා රෑම අපි නෙ වාහණයක් අරගෙන එතනට එනකොට බස් එක අල්ලලත් ඉවරයි. නඩුවෙදිත් සතයක්වත් නැතැව උසාවි ඇවිල්ලා සාක්ෂි දීලා වාහනේ සම්පූර්ණ අලාභයම රක්ෂණයෙන් ගන්නත් උදව් කළා.
ReplyDeleteමේක මට KAS(http://www.blogger.com/profile/12389261111119234077) කියලා කෙනෙක්ගෙන් ආපු එකක්.publish කළාට හරියට publish වුනේ නෑ.ඒත් මං ඒක මේ විදියට දාන්නම් ඔහු එවපු විදියටම.
ReplyDelete"වැඩේ නම් වැරදියි තමා ඒත මේකට පොලිසියටම බැනලා වැඩක් නැහැ. අනිත් එක බොහොම හොදට සලකලා සතයක් වත් ගන්නේ නැතුව වැඩේ කරල දෙන පොලිස් නිලධාරිනුත් ඉන්නවා. කඩවත පොලිසියේ රථවාහන අංශයේ ලොක්කා ඒ වගේ. මම ගිය වාහනය ඉස්සරහින් ගිය බස් එක පාර මැදම සිග්නල් මොනවත් නැතුව බ්රේක් කරලා ඊට අඩි 10 ටත් පස්සෙප් හිටපු අපේ වාහනේ ගිහිල්ලා හැප්පුනා. මේක අලුත්ම KIA මොඩල් එකක්. දන්නවනේ පපඩම් වගේ. මෙතන හිටපු නිලධාරියා ඒ වෙනකොට රෑ 11.00 කියලවත් බලන්නේ නැතුව පලා ගිය බස් එක අල්ලන්න හැම ස්ටේෂන් එකකටම පනිවිඩ යවලා කොහොමහරි එදා රෑම අපි නෙ වාහණයක් අරගෙන එතනට එනකොට බස් එක අල්ලලත් ඉවරයි. නඩුවෙදිත් සතයක්වත් නැතැව උසාවි ඇවිල්ලා සාක්ෂි දීලා වාහනේ සම්පූර්ණ අලාභයම රක්ෂණයෙන් ගන්නත් උදව් කළා."
@KAS
ReplyDeleteමං කලිනුත් කිව්වේ ඒකම තමයි.ඉඳලා හිටලා ඉන්නවා හොඳ මිනිස්සුත්.ඒත් මං සඳහන් කරපු ජාතියේ උන් හින්දා ඒ මිනිස්සුන්ගේ හොඳ නමත් කැත වෙනවා.අපේ අවාසනාවට වැඩිපුරම ඉන්නේ නරක උන් තමයි.මේකෙ දාල තියෙන අනික් ප්‍රතිචාර දැක්කාම ඒක හොඳටම තේරෙනවා.