Thursday, July 23, 2009

Netbeans 6.7 ඇවිල්ලා

දැනුයි දැක්කේ,Netbeans 6.7 version එකත් ඇවිල්ලා.කවුරු මොනවා කිව්වත් Web & EJB development වලටනම් කියාපු IDE එක.ඉස්සරට වඩා plugins එහෙමත් තියෙනවා.ඉන්ටනෙට් එකෙත් දැන් සෑහෙන support එකක් තියනවා.මම නම් හිතන්නෙ PC එකෙ memory එක ටිකක් වැඩිපුර පාවිච්චි වුනත් performance හොඳ PC එකක් තියෙනවා නම් මේක භාවිතා කරන්න මැලි වෙන්න ඕන නෑ.හැබැයි Netbeans වලින් Swing Development සම්බන්ධයෙන් නම් පොඩි පොඩි ගැටලු කීපයක් තියෙනවා. ඒත් මගේ නම් ප්‍රියතම IDE එක Netbeans තමයි.

http://www.netbeans.org/downloads/index.html

ඒත් පොඩි දුකකට තියෙන්නේ Netbeans 6.0 වලට පස්සේ තාම MS VSS plugin එකක් ආවේ නැති එකයි.මං වැඩ කරන තැන තියෙන්නෙ VSS හින්දා තාම පාවිච්චි කරන්නේ Netbeans 6.0.

ඒ වගේම තමයි දැන් ඉස්සර වාගේ නොමිලේ DVD එවන්නෙත් නෑලු, ඒක නම් හොඳයි.මොකද මං දැකලා තියෙනවා සමහරු ඒවා ලස්සනට තියන් ඉන්නවා.එයිට වඩා හොඳයි අවශ්‍ය අයට විතරක් download කරගන්න දෙන එක.ගොඩක් අයට නිකං දෙනකොට අගයක් නෑනෙ.

3 comments:

  1. මම පාවිච්චි කරන්නේ දැල් බෝන්චි(Net Beans)6.5
    මම දැක්කා ඉස්සෙල්ල 6.7 beta version එක දාල තියෙනවා.
    තැන්කූ...:D

    ReplyDelete
  2. සුභ පෑතුම් දිගටම ලියන්න

    ReplyDelete
  3. අනිවා නිකම් දෙනවා නම් අපේ අය ආතල් එකට ගෙන්වගන්නවා...... CD ඩ්‍රයිව් එකට දාලාවත් බලන්නේ නෑ......!! :(

    ReplyDelete