පලවෙනි කොටස :
ආපහු නිවාඩු දවසක්. පහුගිය කාලෙම ලිව්ව එකේ අදත් මොනවාහරි ලියන්න හිතුනා. මේක තමයි මම ගිය ජීවිතේට අමතකම නොවෙන ට්රිප් එක. සිද්ධිය 2004 මැද. පැයක් වගේ ඇතුලත ප්ලෑනක් ගහලා දවස් 4ක් එහෙමත් නැතිනම් නයිට් තුනක් ගිය ට්රිපක්. සෙට් වුනෙ සුපුරුදු පරිදි මමයි, ශාලිකයයි, නරයායි, අකලංකයයි. ඒලෙවල් ලියලා ඉන්න කාලෙ අපි හතර දෙනාම ගොඩක් දවසට කරේ අපි හතර දෙනාගෙන් එකෙක්ගෙ ගෙදරක දවස් ගනන් ෆන් එකේ ඉන්න එක. එහෙම ඉඳලා එපා වුනාම තව ගෙදරක යනවා. ශාලිකයගේ ගෙදර මල්වැල හන්දියෙ අවුලේගම. බඩ පැලෙන්න කන්න ඕන වුනාම එහෙ තමයි, උන්ගෙ අම්මා තරම් රසට කෑම හදන කවුරුවත් අද වෙනකම් හම්බෙලා නෑ මොන රට රාජ්ජෙක ගියත්. නරයගේ ගෙදර පත්තර පුස්තකාලය තිබුනේ, ඒක වෙනම ආතල් එකක්. අකලංකයගේ ගෙදර තමයි නරක චිත්රපටි ගබඩාව සහ කොම්පියුටර් ගේම් ගැහිල්ල. මේ ට්රිප් එක සෙට් වෙන්නෙ අපි හතර දෙනා අකලංකයගේ ගෙදර ඉන්න වෙලාවක උදේ කැරම් පාරක් ගහද්දී. මම තමයි කෝච්චි පිස්සා නිසා "යමුද බං ට්රිපක් කොහේ හරි කෝච්චියෙ?". පට්ටම කම්මැලි මූඩ් එකක හිටපු නිසා සෙට් එකම වැඩේට ඕකේ. "අදම යමුද බං?" මම ඇහැව්වා. "පිස්සුද හු****?" ඒ නරයා. "පොඩ්ඩක් අහපංකෝ, ප්ලෑන් ගහල යන්න සෙට් වුනොත් යන්න වෙන්නෙ නෑ බං, යමුකෝ බං, අපි දැන් හෙන කාලෙක ඉඳලා යන්න ට්රයි එකක් දෙනවා. හැමදාම කල් යනවා". ඔය කාලෙ වෙනකොට මම බොන එක නවත්තලා ටික දවසක් හිටියේ. "ජයා, උඹ බොන්න සෙට් වෙනවානම් මම එනවා. නැත්නම් මෙලෝ රහක් නෑ බං" ඒ ශාලිකයා. අකලංකයා සද්ද නෑ. "හරි, මම ට්රිප් එකේදි විතරක් බොන්නම්, යමන්. හැබැයි උඹලා මම කියන දිහා එන්න ඕන" මමත් කිව්වා. "යමන්" ඒ අකලංකයා. "නරේ 3/4 ක් හරි, දැන් වරෙන් සද්ද වහලා" ශාලිකයා ගේමේ. "එහෙනම් ඉතින් යමන්, වෙන මොනා කරන්නද?". සෙට් එකම වැඩේට හරි.
ආපහු නිවාඩු දවසක්. පහුගිය කාලෙම ලිව්ව එකේ අදත් මොනවාහරි ලියන්න හිතුනා. මේක තමයි මම ගිය ජීවිතේට අමතකම නොවෙන ට්රිප් එක. සිද්ධිය 2004 මැද. පැයක් වගේ ඇතුලත ප්ලෑනක් ගහලා දවස් 4ක් එහෙමත් නැතිනම් නයිට් තුනක් ගිය ට්රිපක්. සෙට් වුනෙ සුපුරුදු පරිදි මමයි, ශාලිකයයි, නරයායි, අකලංකයයි. ඒලෙවල් ලියලා ඉන්න කාලෙ අපි හතර දෙනාම ගොඩක් දවසට කරේ අපි හතර දෙනාගෙන් එකෙක්ගෙ ගෙදරක දවස් ගනන් ෆන් එකේ ඉන්න එක. එහෙම ඉඳලා එපා වුනාම තව ගෙදරක යනවා. ශාලිකයගේ ගෙදර මල්වැල හන්දියෙ අවුලේගම. බඩ පැලෙන්න කන්න ඕන වුනාම එහෙ තමයි, උන්ගෙ අම්මා තරම් රසට කෑම හදන කවුරුවත් අද වෙනකම් හම්බෙලා නෑ මොන රට රාජ්ජෙක ගියත්. නරයගේ ගෙදර පත්තර පුස්තකාලය තිබුනේ, ඒක වෙනම ආතල් එකක්. අකලංකයගේ ගෙදර තමයි නරක චිත්රපටි ගබඩාව සහ කොම්පියුටර් ගේම් ගැහිල්ල. මේ ට්රිප් එක සෙට් වෙන්නෙ අපි හතර දෙනා අකලංකයගේ ගෙදර ඉන්න වෙලාවක උදේ කැරම් පාරක් ගහද්දී. මම තමයි කෝච්චි පිස්සා නිසා "යමුද බං ට්රිපක් කොහේ හරි කෝච්චියෙ?". පට්ටම කම්මැලි මූඩ් එකක හිටපු නිසා සෙට් එකම වැඩේට ඕකේ. "අදම යමුද බං?" මම ඇහැව්වා. "පිස්සුද හු****?" ඒ නරයා. "පොඩ්ඩක් අහපංකෝ, ප්ලෑන් ගහල යන්න සෙට් වුනොත් යන්න වෙන්නෙ නෑ බං, යමුකෝ බං, අපි දැන් හෙන කාලෙක ඉඳලා යන්න ට්රයි එකක් දෙනවා. හැමදාම කල් යනවා". ඔය කාලෙ වෙනකොට මම බොන එක නවත්තලා ටික දවසක් හිටියේ. "ජයා, උඹ බොන්න සෙට් වෙනවානම් මම එනවා. නැත්නම් මෙලෝ රහක් නෑ බං" ඒ ශාලිකයා. අකලංකයා සද්ද නෑ. "හරි, මම ට්රිප් එකේදි විතරක් බොන්නම්, යමන්. හැබැයි උඹලා මම කියන දිහා එන්න ඕන" මමත් කිව්වා. "යමන්" ඒ අකලංකයා. "නරේ 3/4 ක් හරි, දැන් වරෙන් සද්ද වහලා" ශාලිකයා ගේමේ. "එහෙනම් ඉතින් යමන්, වෙන මොනා කරන්නද?". සෙට් එකම වැඩේට හරි.
කොහොමත් මේ වගේ වැඩකදි ප්ලෑන ගහන්නේ මම. අපේ ගෙදරට අකලංකලාගේ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් එකක් දීලා කිව්වා "අම්මේ, මම ශාලිකලගේ ගෙදර යනවා මෙහෙ ඉඳලා, දවස් තුන හතරකට එන්නේ නෑ.". ශාලිකයයි නරයයි ඔය ගේම් එකම ගහලා ඇවිත් තියෙන්නේ අකලංකලාගේ ගෙදර යනවා කියලා. ලෑන්ඩ් ෆෝන් තිබුනේ අකලංකලාගේ ගෙදරයි අපේ ගෙදරයි විතරයි. නරයලාගේ ගෙදරයි ශාලිකයගේ ගෙදරයි තිබුනේ ටැංගො ෆෝන් කියලා ලොවෙත් වැඩකට නැති කෝල් එකක් දුන්නම අම්මා මුත්තා සිහිවෙන කතා කරගන්න බැරි ෆෝන්. හෑන්ඩ් ෆෝන් නෑ කිසිම කෙනෙක්ට. මම කැමති දිහාට සෙට් එකම කැමති වුන නිසා දැන් මම ප්ලෑන් එක කියාගෙන යනවා. "මචං අපි යන්නේ හෝර්ටන් තැන්නේ. ලෝකාන්තෙ බලන්න" මම කෙලින්ම කිව්වා. සෙට් එකම උඩ ගියා. මුන්ට දැන් බෑ කියන්න විදියකුත් නෑ."හු**වා. කොහොමද යකෝ යන්නේ", "කොහෙද බං නතර වෙන්නේ" ප්රශ්න කෝටියයි. "යන්නේ අද රෑ නයිට් මේල් කෝච්චියෙ. උදේ වෙද්දි පට්ටිපොලින් බහිනවා. ඊට පස්සෙ කෙලින්ම ලෝකාන්තෙට". හැබැයි ඉන්නෙ කොහෙද කියලා දෙන්න මට උත්තරේකුත් නෑ. "ගිහින් කොහෙ හරි තැනක් හොයාගමු" මම කිව්වා. ප්ලෑන් එකේ පලවෙනි කොටස හරි. අකලංකයා ගාව තිබුන බෑග් කඩමල්ලකට දාගත්ත කොට කලිසම් ටිකකුයි, ටී ශර්ට් ටිකකුයි. දැන් මගෙන් අහන්න එපා ජොක්කු එහෙම කොහෙන්ද කියලා. ඒවා අපිට ඒ කාලෙ ලොකු ප්රශ්න නෙමේ.
සෙට් එකම හවස් වෙලා පිටත් වුනා කුරුණෑගල ටවුමට. ඒටීම් කාඩ්වලින් ගත්තා සල්ලි, මට මතක විදියට එකා තුන්දාහ ගානේ වගේ ගත්තා. එතනින් නැග්ගා පොල්ගහවෙල බස් එකට. අකලංකයා ෆුල් මූඩ් එකේ. නරයා යනගමන් අහනවා "අඩේ, උඹට ශුවර්ද බං අපිට නවතින්න තැනක් සෙට් වෙයි කියලා". "බැරිම වුනොත් පට්ටිපොල ස්ටේසම හරි නිදාගමු බං, දැන්වත් ඕක හිතන එක නවත්තලා ආතල් එකේ යමන් බං" මම කිව්වා. පොල්ගහවෙල ගොඩවෙලින් බැස්සා බස් එකෙන්. බැහැලා එතනම තිබුන බාර් එකෙන් දාගත්තා වයඹ ගල් බෝතල් හතරක්ම එකක් එකසිය පනහ ගානේ සහ ප්ලාස්ටික් කප් ටිකක්. ස්ප්රයිට් බෝතලෙකුයි, සිගරට් පැකට් ටිකකුයිත් ගත්තා. ඒ ටිකත් අපේ එකම බෑග් එකට දාගත්තා. එහෙම්මම ගියේ පොල්ගහවෙල බන්දාවේ කසුන් ගීතාංගයාගේ ගෙදර. උටත් කතා කරා සෙට් වෙන්න. බුවා ටිකක් ලෝබයා. වැඩේට පස්ස ගැහුවා. හැබැයි උන්ගෙ අම්මා අපිට රෑට කෑම ලෑස්ති කරා. මේ කාලෙ කෝච්චි දෙකක් යනවා රෑට බදුල්ලට. කොළඹින් රෑ 7:40 ට පිටත් වෙන කෝච්චියට පොල්ගහවෙලින් නගින්න කියලා අපි සෙට් එක ගීතාංගයාගෙ අම්මටයි තාත්තාටයි වැඳලා එහෙම පිටත් වුනා. රෑ නවයත් පහුවෙලා, කෝච්චිය එනවා සද්දේ දාගෙන මගේ ආසම එන්ජිමක් වෙන M6 එන්ජිමක් එක්ක. මට ඉතින් ෆුල්ම හැපී, දැන් සෙට් එකම ට්රිප් මූඩ් එකේ. ඉඳගන්න බෑ, ඔක්කොම සීට් පිරිලා. හැබැයි දෙයියන්නේ කියලා අපිටම කියලා ෆුට්බෝඩ් එකක් සෙට් වුනා. කොට කලිසමයි බාටා සෙරෙප්පුයි එක්ක ගේමක් නැතිව පත්තර ටිකක් එලල බිම වාඩි වුනා. රඹුක්කනටත් කලින් වඩේ සප්ලයි එකකුත් සෙට් වුනා.
දැන් ඉතින් රඹුක්කන පහු කරලා වැඩේ පටන් ගන්න වෙලාව හරි. මාස ගානකින් පස්සෙ මම ගල් ශොට් එකක් දාගත්තා. අමාරුවෙන් බස්සපු ඒක ආපහු එයිම කියලා හිතුනා. "මගේ අම්මා දාන්න එහෙම එපා, මම ඉවරයි" නරයා මගේ ඇඹුල් වුන මූණ දිහා බලාගෙන කිව්ව හැටි තාම මතකයි. දැම්මේ නෑ. පලවෙනි එක බැස්සම ඉතුරු ටික ඉතින් අවුලක් නෑ, දැන් වැඩේ නැගලා යනවා. පේරාදෙනියට යද්දී බෝතලයක්ම ඉවරයි. දැන් අපේ ලෝකෙ. හෑන්ඩ් ෆෝන් නෑ. කතා කරලා වද දෙන්න උන් නෑ. ෆේස් බුක් නෑ. පේරාදෙණියෙන් එහාට සීතල සුළඟත් එක්ක අපේ සිගරට් එකින් එක පත්තු වෙනවා. සිංදු කියනවා. බදාගන්නවා. ඉඹිනවා. වෙනම ලෝකයක්. ඔහොම ගිහින් හෙමින් හෙමින් කෝච්චිය රොසැල්ල කියන ස්ටේසමට ආවා. මේ හරිය වෙද්දි කෝච්චිය ආවේ හරිම හෙමින්, රොසැල්ලෙ නතර කරල ටික වෙලාවකින් ඔන්න දැනගන්න ලැබුනා පොඩි ලෙඩක් නිසා තව එංජිමක් නානුඔය ඉඳලා එනකල් මෙතනම නවත්තගෙන ඉන්න වෙනවා කියලා. අපිට රජ මගුල් වගේ. ෆුට්බෝඩ් එකේ අමාරුවෙන් කරගෙන ආපු වැඩේ අපි දෙයියනෙ කියලා ප්ලැට්ෆෝම් එකේ ඈත කෙලවර බංකුවක් උඩම සෙට් වුනා. පැය දෙකක්ම රොසැල්ලෙ, අපි ඉතින් බොහොම සතුටින් තව බෝතල් 1 1/2 ක්ම ඉවර කරා. ඔන්න ඉතින් M5 එන්ජිමක ඇවිත් ඉස්සරහින් අමුනාගෙන කෝච්චිය පිටත් වුනා. දැන් පාන්දරත් වීගෙන එනවා. හැටන් වලින් පස්සෙ අපිට සීට් ටිකක් හම්බුනා. පොඩ්ඩක් නින්ද ගිහින් ඇහැරෙද්දි එලිවෙලා. කෝච්චිය නානුඔය පහු කරන් යනවා. කොට කලිසමයි ටීශර්ට් එකයි එක්ක පට්ට සීතල. පොඩ්ඩක් ෆුට් බෝඩ් එකට ඇවිත් නරයයි මමයි ආපහු සීතලට සිගරට් එකක් පත්තු කරගෙන ෆුට්බෝඩ් එකේම ඉඳගත්තා. වටේටම පුදුම ලස්සනක් උදේ ඒ වෙලාවට. "පට්ට ආතල් ජයා" නරය කිය්ද්දි ශාලිකයයි අකලංකයයි ෆුල් ඩෙඩ් මූඩ් එකේ සීට් එක උඩ ඩවුන්.
ඊට පස්සේ කෝච්චිය අඹේවෙල පහුකරලා එද්දී අරුන් දෙන්නටත් ඇහැරවාගෙන ඊළඟට ආපු පට්ටිපොල ස්ටේශන් එකෙන් බැස්සා. වෙලාව උදේ 8ට විතර ඇති. දැන් තමයි ඉතින් දෙවෙනි දවස සහ දෙවෙනි කොටස. කට්ටියම මූණ අත පය හෝදාගෙන සීතලේම ශරිර කෘත්ය කටයුතු ටිකත් අහවර කරලා හොර්ටන්තැන්න නගින්න සූදානම. ගෙනාපු බිස්කට් වගයක් කෑවා උදේට. බෑග් එක උස්සගෙන ගියොත් මල කරදරයක්. ඒ අස්සේ අනික් ප්රශ්නේ හොර්ටන්තැන්න ගිහින් ඇවිත් අද රෑ නතර වෙන තැන. ස්ටේශන් එකේ කාකි ඇඳුමක් ඇඳගත්ත පොරක් ඉන්නවා ප්ලැට්ෆෝම් එක කෙලවරේම ඉඳගෙන. මම හෙමින් බුවා ළඟට ගිහින් මගේ සියලු ධර්ම මූඩ් එකෙන් ඇහැව්වා "අයියෙ, අපිට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද? අපි කුරුණෑගල ඉඳලා ආවේ වර්ල්ඩ්සෙන්ඩ් යන්න කියලා, අපේ බෑග් එකක් තියෙනවා, ස්ටේසමෙන් තියලා යන්න පුලුවන් වෙයිද?". මනුස්සයා පොඩ්ඩක් මම දිහා බලාගෙන ඉඳලා පොඩි කාමරයක් පෙන්නලා "ඔතනින් තියලා යන්න මල්ලි" කිව්වා. මට ෆුල් හැපි මිනිහා දුන්න සප් එකට. බෑග් එකේ තව බෝතල් එක හමාරක්ම තියෙනවා. ඒක හෙමින් එලියට ඇරන් මිනිහට ඉතුරු වෙලා තිබුන බාගෙ දුන්නා. මිනිහාට මේක දුන්න ගමන් ඇස් උඩ ගියා. "මල්ලිලා නියම කොල්ලො ටිකක්නේ, මගේ නම රංජි. ඔයාලා ආපහු හවස් වෙද්දී පට්ටිපොලට එනවද? උදේට කාලද? අද කොහෙද නවතින්නේ?"... ප්රශ්න වැලයි."අයියේ, අපි හවස් වෙලා එනවා. පොඩි උදව්වක් කරන්න පුලුවන්ද? අපිට නතර වෙන්න තැනක් හොයලා දෙන්න පුලුවන්ද?" මම ඇහැව්වා. "මල්ලි, ඔයාලා ගිහින් එන්න. අපේ ගෙදර නවතින්න පුලුවන්. මම ඔක්කොම ලෑස්ති කරන්නම්. අපි දාමු රෑට ෆුල් ෆන් එකක්". මම කොර වුනා පොරගේ රෙස්පොන්ස් එකට. අපේ බෑග් එකත් පොරම ඉල්ලගත්තා ආපහු. හැබැයි ශාලිකයගේ මූඩ් එක අප්සට්. රංජි බුවාගෙන්ම ටියුලිප් බෑග් එකක් ඉල්ලගෙන ඉතුරු බෝතලෙත් දාගෙන අපි පිටත් වුනා උදේ නවය වෙද්දි හෝර්ටන් තැන්න නගින්න.
විනාඩි පහක් ගියෙ නෑ ශාලිකයා "ජයා උඹනම් මහ පිස්සෙක්, යකෝ කතා කරලා බෝතල් බාගයක් දුන්න ගමන් උඹ ඔහොම මිනිස්සු විස්වාස කරනවද? අපේ බෑග් එකත් අරන් ගියා ඌම, මට නම් ශුවර් නෑ බුවා. අපෙන් ගානක් ගලවයිද දන්නේ නෑ....". "හරි හරි බං, වෙන මොනා කරන්නද මේ වෙලාවෙ? ඔහොම හරි එකෙක් සෙට් වුන එක මදැයි? මොනාහරි වුනොත් ඒක ඒ වෙලාවට බලමු. අපිත් හතර දෙනෙක්ම ඉන්නවනේ. දැන් මේ ගමන ආතල් එකේ යමන්" මම කිව්වම අනික් උන් දෙන්නත් මට සප් එකක් දුන්නා. ඒක අමතක කරලා ඉස්සරහට යද්දි නරයා "ජයා, ඇත්තටම මෙතන ඉඳලා කොච්චර දුරයිද බං ඔය ලෝකාන්ත මගුලට?". මේ වෙද්දි මගේ අදටත් ආසම ලෝකාන්තය බලන්න මම කීප පාරක්ම ගිහින් තිබුනා. දුර කිලෝ මීටර 10ටත් එහා කියල හොඳටම දැනගෙන "වැඩි දුරක් නෑ බං, කිලෝමීටර හතරක් පහක් වගේ ඇති". අකලංකයා "උඹට හොඳටම ශුවර්ද?", මම "ඔව් බං, මේ බෝතලෙ ඉවර වෙද්දී අපි සෙට් එක උඩ". එහෙම කියලා ඉතුරු වෙලා තිබුන බෝතලෙ අමුවටම ඉවර කරගෙන අපි කන්ද නගින්න පටන් ගත්තා. කිලෝ මීටරයක් විතර නගිද්දී වෙරි බැස්සා. දැන් යනවා යනවා සෙට් එකම උඩට. වාහනවල ට්රිප් යන සෙට් එහෙම බායි කියාගෙන යනවා. කිලෝ මීටර් හතරක් විතර ගියාම දැන් සෙට් එක පොඩ්ඩක් අප්සට්. "කෝ යකෝ හොර්ටන් තැන්න තොගේ? දැන් අම්බානක දුර ආවානේ", "මූනම් කරොත් කරන්නේ මේ වගේ වැඩ තමයි", "රෑට බලාගමු, තොට දෙනවා හොම්බට දෙකක්".... වගේ මෙතන සඳහන් කරන්න අමාරු ඒවත් එක්කම තුන්දෙනාම මට බැන බැන පස්සේන් එනවා. ස්කවුටින් හයික් සීන් එකත් එක්ක මට ඒ කාලෙ කඳු ලොකු සීන් එකක් නෙමි.
ඔහොම ඇවිත් දැන් ෆ්ලැට් ඒරියා එක සෙට් වුනා. දැන් වගේ මගින් ටිකට් ගන්න ඕන නෑ. ලෝකාන්තෙ ගමන පටන් ගන්න තැනින් තමයි ටිකට් ගන්න තියෙන්නෙ. එතනට යනකල් හැපි මූඩ් එකේ ගියා දවල් 1.30 වගේ වෙද්දී. සීතලයි හුළඟයි එක්ක මහන්සියක් දැනෙන් නෑ. එතන තියෙන ප්රසිදධ ආපන ශාලාවෙන් ගිනි ගානට තියෙන රොටී පාරක් දාගත්තා දවල් කෑමට. "ලෝකාන්තෙ ළඟද කියලා මම තොගෙන් අහන්නේ නෑ, මෙතන ඉඳලා තව යන්න තියේද?" ශාලිකයා ඇහුවා. "වැඩි දුරක් නෑ බං" මම කියද්දී "නිකන් හිටපන් අපෙන් මුකුත් අහගන්නේ නැතිව" කියලා දවල් 2ට වගේ ලෝකාන්තෙ බලන්න පිටත් වුනා. සීතලත් එක්ක හතර දෙනාම හවස තුන් වෙද්දී ලෝකාන්තෙ ළඟ. ඊට පස්සෙ මග දිගට තියෙන වතුර පාරවල් වලින වතුර බිබී, මග දිගට හම්බෙන කෙල්ලොන්ටත් මොනවා හරි කිය කියා බේකර්ස් ඇල්ලත් බලලා ආපහු ආපන ශාලාව ළඟට එද්දී හවස පහ හමාරට වගේ ඇති. "අඩේ දැන් ආපහු පල්ලේහ පට්ටිපොලට යන්න ඕනද? කොහොමද යන්න ඕන?" නරයා අහනවා. "නැතිව ඉතින්, ආපු විදියටම තමයි" මම කියද්දී "මට තෝව මරන් කන්න තියේනම්" කියල නරයා හිනාවෙවී බනිනවා ගමකට. දැන් ඉතින් ආපහු පල්ලෙහට එන ගමන පිටත් වුනා. හවස හයත් පහු වෙලා, සීතල එන්න එන්නම වැඩි වෙනවා. අපි පයින් එන ගමන් ට්රිප් ගිහිල්ල එන වෑන් බස් වලට අත දානවා. එකක්වත් නතර කරන්නේ නෑ. මෙහෙම කිලෝ මීටරයක් විතර එද්දී ඈතින් ලොරියක් එනවා. බුවාත් සෑහෙන වේගෙන් එන්නෙ, අපි ඈත තියාම අත දාගෙන ඉන්නවා. ඒත් බුවත් නතර කරන පාටක් නෑ. අකලංකය එක පාරටම "වැඳපන් යකෝ මුට" කියද්දී අපි හතර දෙනාම දණගහගෙන දොහොත් මුදුන් දීලා වැඳගෙන හිටියා. බුවාත් අපිව පාස් කරලා ගියා. ඒත් හෙන හයියෙන් සද්දේ දාගෙන බ්රේක් පාරක් ගහල නැවැත්තුවා. "මල්ලිලා කොහෙටද යන්නේ?" ඩ්රයිවර් අයියා ඇහුවා. දුවගෙන ගිය මම "අනේ අයියේ අපිව පටිටිපොලින් දාගෙන යන්න, පිං සිද්ධ වෙයි", "නගින්න මල්ලි පිටිපස්සෙන්". මමයි ශාලිකයයි අකලංකයයි දඩ බඩ ගාල නැගගත්ත ගමන් නරයා ලොරි තට්ටුවේ එල්ලිලා හැඩ බලනවා. "හරි නේද මල්ලි?" කියලා ලොරිය ඇද්දා ඇති හයියෙන්.ලොරි තට්ටුවෙ එල්ලිලා හිටපු නරයව උස්සලා ඇතුලට දාගත්තෙ හෙනම අමාරුවෙන්. මේක් වැලි ලොරියක් කියලා තේරුනේ ඊට පස්සෙ. පිටිපස්ස ෆුල් ඕපන්. ලොරියෙ අයියා ඉස්සරහ ග්ලාස් වහගෙන බුවාට ඒ පාරෙ යන්න පුලුවන් උපරිම වේගෙන් පල්ලෙහාට යනවා. අපි ලොරි තට්ටුවේ දිගා වුනා. පට්ට සීතලෙන් අපිව රෝල් වෙනවා ලොරිය පුරා. ඒත් පයින් එන්න හිටපු අපිට මේක දෙයියෝ දුන්නා වගේ. විනාඩි විස්සෙන් ලොරිය පට්ටිපොල ස්ටේසම ළඟ. අපි ලොරියෙ අයියාට පින් දීල බැහැගත්තා.
දෙවෙනි කොටස :
දැන් තමයි මේ ට්රිප් එකේ ආතල්ම සිද්ධි ටික පටන් ගන්නේ. අපි බැහැලා ස්ටේසම ළඟට යද්දී රංජි බුවා ඉන්නවා ස්ටේසමේ. "අම්මට සිරි මල්ලිලා. ටිකක් හවස් වුනා නේද? එන්න යමු අපේ ගෙදර. මම ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නෙ". ගෙදර කිව්වට මේක මිනිහාගේ පොඩි ක්වාටස් එකක්. ස්ටේසම ඉස්සරහම හරිම පොඩි තැනක් රේල් පාරත් එක්කම. අපිව ඇතුලට එක්කරගෙන ගිය ගමන් අපිව කාමරයට එක්කරගෙන ගියා. ඒකත් පොඩි කාමරයක්. ඇඳන් දෙකක් අලුත් බෙඩ් ශීට් දාලා ලෑස්ති කරලා. අපිට නිකන් පිස්සු වගේ. ශාලිකයා තාම ටිකක් සැකෙන්. "අයියේ එතකොට ගෙදර කට්ටිය?" මම ඇහුවා. "මම එයාලට වෙනම තැනක් ලෑස්ති කරා වෙන ගෙදරක, මල්ලිලා මෙහෙ ඉන්න. අපි දාමු ෆුල් ෆන් එකක්, මම ඔක්කොම බයිට් ලෑස්ති කරලා තියෙන්නෙ" කීවා. ඊට පස්සේ කුස්සියට එක්කරගෙන ගියා. පොරගෙ වයිෆ් චිකන් ලෑස්ති කරනවා, බිත්තර ඔම්ලට දානවා. කෑම හදනවා. මගුල් ගෙයක් වගේ. අපිට කෑගැස්සිලා හිටියේ මොකක්ද මේ වෙන්නේ කියලා. "මචං මූ ලෑස්ති කරලා තියෙන විදියට අපි ගමු ටිකක් හොඳ බෝතල් දෙකක්වත්, නැත්නම් මූ පව්" අකලංකය කිව්වා. අපි දෙන්න ගිහින් එතනින් එහා පැත්තෙ තියෙන පට්ටිපොල වයින් ස්ටෝර්ස් එකෙන් රෙඩ් රම් බෝතල් දෙකක් ගෙනාවා. රංජි අයියාට මේක දැකලා හෙනම සන්තෝසේ. "මල්ලි, උඹලනම් නියම උන් ටිකක්, අද අපි පට්ටිපොල හොල්ලමු" ඒ රංජි අයියා.ඔහොම ඉද්දී ශාලිකයා කියපි "මට නාන්න ඕන් අයියේ", "මල්ලි ළිඳක්නම් තියෙනවා, හැබැයි මේ වෙලාවට මෙහෙ එකෙක්වත් ඒකෙන් නාන්නෙ නෑ ඒකෙ සීතලට" රංජි අයියා කිව්වා. ඒත් ශාලිකයට නාන්න ඕනම කියනවා පොඩි එකෙක් වගේ. "යමන්කෝ එහෙනම්" කියලා ළිඳට පිටත් වුනා. වතුර බාල්දියක් එලියට ගත්තාම නාන්න තියා ඇඟිල්ලක් ගහන්න බෑ. සීතල ඇලජික් අකලංකය මැරෙනවා ඒකෙ නෑවනම්. නරයයි මායිත් මූණ ටිකක් හෝදන් පැත්තකට වුනා. "තොපි නම් කූතාඬිම තමයි, මෙච්චර මහන්සි වෙලා කොහොමද යකෝ නාන්නෙ නැතිව ඉන්නේ?" කියමින් පුදුම අමාරුවකින් වෙව්ල වෙව්ල උඩ පැන පැන නාගත්තා. අපි සෙට් එක සිගරට් එකක් පත්තු කරන් ශාලිකයා කන කට්ට දිහා බලන් හිටියා. "මේ ගොනා අද මැරෙනවා, කොහෙද ඉතින් මුගේ පන්ඩිතකමනේ" නරයා ශේප් එකේ මට කිව්වා.
දැන් ඉතින් රෑ ෆන් එකට ඔක්කොම සෙට්. උණු උණුවේම බයිට් ටිකත් රෙඩී. රම්බෝතල් දෙකත් රෙඩී. සෙට් එකම රංජි අයියාගේ ගෙදර සාලෙ වාඩිවෙලා ලෑස්තියි වැඩේට. එකපාරටම ශාලිකයා "ජයා, මගේ පපුව හිරවෙනවා වගේ, හෙනම අමාරුවක් දැනෙනවා" කිව්වා. බඩුම තමයි, ශාලිකය රතු වෙලා, ඇස් ඉදිමිලා හෙනම අප්සට් මූඩ් එකේ. "ඕකනෙ මල්ලි නාන්න එපා කිව්වේ" රංජි අයියා කිව්වා. අපි ගෙදර තිබුන සිදධාලේපයි, අරකයි මේකයි ඔක්කොම ගෑව උගේ. පෙන්ඩෝලුත් දීලා ඌව උස්සන් ගිහින් ඇඳට දැම්මා. බ්ලැන්කට් එකකින් පොරවලා ආවා. "පණ්ඩිතයා, බලපං ඉතින් ඕනම වෙලාවෙ නැති වුනානේ" නරයා ශාලිකයට බනින ගමන්ම අපි ඉතින් රම් බෝතල් දෙක වග කියන්න පටන් ගත්තා. රංජි අයියා බොනවා නිකන් තේ බොනවා වගේ. "අද රෑ මම ඩියුටි මල්ලි" කියලා බුවා කිව්වා. "අයියේ අවුලක් නැද්ද?", "නෑ මල්ලි එන කෝච්චියෙන් ටැබ්ලට් එක ගන්න විතරයි තියෙන්නෙ, ඒ වෙලාවට අපි යමු ස්ටේසම පැත්තේ". දැන් නරයයි, අකලංකයයි, මමයි රංජි අයියා එක්ක උපරීම ෆන් එකේ සින්දුවකුත් කියන බෝතල් එක හමාරකට වගේ වග කිව්වා පැය දෙකකින් වගේ. හැබැයි රංජි අයියා ගිය වේගෙ වැඩි වුනා. බුවා ක්නොක් අවුට් වුනා. අපි තුන් දෙනා සින්දුවක් කියන් ඉද්දී එක පාරටම දොරට තඩි බානව ඇහුනා. "රංජි....රංජි...කෝච්චිය ඔහියෙන් පිටත් වෙලා. එනවා ඕයි ඉක්මණට" බලපුවාම ස්ටේසන් මාස්ටර්. "අප්ප්ට සිරි අන්කල් රංජි අයියා ඩවුන්..මොකෝ කරන්නේ" අකලංකයා ඇහුවා. "කරන්න දෙයක් නෑ, මේ යකා උස්සගෙන හරි යන්න වෙනවා" ස්ටේසන් මාස්ටර් කිව්වා. රංජි අයියා අපිත් එක්ක සෙට් වෙලා හිටියෙ යුනිෆෝම් එකෙන්මයි. ස්ටේසන් මාස්ටරුයි අපි ටිකයි රංජි අයියා උස්සගෙන රේල් පීලි පැන පැන කොහොමහරි ගියා සීතලේම ප්ලැට්ෆෝම් එක උඩට. අපිත් විසිවෙනවා එහාට මෙහාට. "කොහොමහරි මෙයාව කෙලින් කරලා අල්ලගන්න, ටැබ්ලට් එක කොහොමහරි ගන්න තියෙන්නෙ. එච්චරයි".
දැන් තමයි හොඳම හරිය. කෝච්චිය කැලේ මැදින් හෝන් ගහගෙන එනවා සදදේ දාගෙන. අපි මල මිනියක් වගේ ඉන්න රංජි අයියාව කෙලින් කරගෙන.නරයා උස්සගෙන ඉන්නවා බුවාව ඇඟ වටේ අත් දෙකම දාගෙන. අකලංකයා නරයව බදාගෙන. මම රංජි අයියාගේ අතින් ටැබ්ලට් එක ගන්න ඒම් කරගෙන ඉන්නවා. දැන් ඔන්න කෝච්චිය ලයිට් දාගෙන ළඟම, අපි ඉන්නවා ගේමේ ටැබ්ලට් එක ගන්න. කෝච්චියෙ ඩ්රයිවර් බුවා එකපාරටම අපිව දැකපු ගමන් තක්බීර් වුනා. පොරටත් වැඩිය හිතන්න වෙලාවක් නෑ, ටැබ්ලට් එක දැම්මා අපිට. අපි කොහොම හරි ඒක අල්ලගෙන රංජියාගේ අතට ගත්තා. පට්ටිපොලින් එහාට යන්න පර්මිශන් දෙන ටැබ්ලට් එක ස්ටේසන් මාස්ටර් දුන්න. අපි ආපහු රංජි අයියා බංකුවක් උඩින් තියලා අපි ගත්ත ටැබ්ලට් එක ස්ටේසන් මාස්ටර්ට දුන්නා. ස්ටේසන් මාස්ටර්ට ෆුල් සැටිස්, විසිල් එක ගහලා කෝච්චිය ගියාට පස්සෙ අපිත් එක්ක කතාවට සෙට් වුනා. "මේ යකා ඉතින් ඔය වගේ ආතල් ඉඳලා හිටලා දෙනවා. හැබැයි හරිම හොඳ මනුස්සයා. මට උදේ කිව්වා, ගමේ මල්ලිලා ටිකක් එනවා හවස. සෙට් වෙන්න තියෙනවා සර් කියලා. මේ යකා මෙහෙම සෙට් වෙයි කියලා කවුද හිතුවේ" කියලා හිනා වෙවී කිවුවා. ඊට පස්සෙ "මම උදේ කෝච්චියට ආයි එන්නම්, මේ යකත් එක්ක ඉන්න පොඩ්ඩක්, සිහිය ආවාම විස්තරේ කියන්න" කියලා ස්ටේසන් මාස්ටර් යන්න ගියා. අපි ඉතුරු වෙලා තිබුන බාගෙත් ගෙනල්ලා ස්ටේසන් එකේම සෙට් වුනා ඒකේ අයිතිකාරයො වගේ. පැයක් දෙකක් යද්දී රංජි බුවාත් කෙලින්. "අප්පට සිරි මල්ලි, වැඩිවුනානේ ටිකක්. කෝච්චිය ආවද?" රංජි අයියා අහනවා. "හොඳ ටික" කියලා අපි විස්තරේ කිව්වා. ඊට පස්සේ අපි සෙට් එකම ගියා රේල් ගේට්ටුව ළඟට, එතනට යද්දී ඒක අරින වහන බුවත් සෙට් වෙලා තනියම සිංදුවක් කියන් ඉන්නවා ගිනි මැලෙකුත් ගහගෙන. අපි සෙට් එකයි, රංජි අයියායි, රේල් ගේට්ටුවෙ බුවයි ඊට පස්සේ සින්දු කියන්න සෙට් වුනා පාන්දර වෙනකල්ම. පස්සෙ ඉතින් පාන්දර 2ට වගේ අපි ගියා නිදන්න. අපි යද්දී ශාලිකය ඉන්නව ඇඳේ මැරිලා වගේ. නරය බැලුවා හුස්ම ගන්නවද කියලා. "මැරිල නෑ බං", නරයා කියනවත් එක්කම ඇඳට වැටුන අපිට හොඳම එකෙන් නින්ද ගියා.
තුන්වෙනි කොටස :
ඊළඟ දවසේ ශාලිකය උදේම නැගිටල අපිවත් ඇහැරෙව්වා. අපිත් උට බැන බැන නැගිට්ටා. "ඇද්ද තොට නෑවා? යකෝ අපි ඊයේ පට්ටිපොල දෙකක් කරා. ස්ටේසන් එකේ ඩියුටිත් කරා. මෙහෙම ආතල් එකක් මේ වෙනකල් අරන් නෑ" නරයා නින්දෙන් කියවද්දී ශාලිකය ෆුල් අප්සට්. "එකනේ බලපං වුන වැඩේ, ශිට්" ශාලිකය කිව්වා. අපි ඇහැරලා එලියට එද්දී රංජි අයියාත් ෆුල් ෆිට් එකේ. "මල්ලි නියම ආතල් එක නේද? සර් මල්ලිලව උදෙත් මතක් කරා" බුවා කියනවා. "හම්මේ ඉතින්" අපි අපිටම කියාගත්තා. වොශ් එකක් දාගෙන පිලිවෙලක් වෙලා එද්දී උදේ කෑම දැකලා කෑ ගැස්සුනා. ඉඳිආප්ප තම්බලා, කැකුලු බත්, මාළු, පොල් සම්බෝල, පාන්...කෑම මේසෙන් එකයි. අපි හොඳට කෑවා රංජි අයියාට පින් දිදී. "අඩේ මුට කීයක් දෙන්න වෙයිද මන්දා බං මේ දෙන හැටියට?" ශාලිකයා ශේප් එකේ අහනවා. ඇත්තටම බුවා සලකපු සැලකිල්ලට හිතාගන්න බෑ කීයක් දෙන්න වෙයිද කියලා. ඊට පස්සෙ අපි බෑග් එකත් අරන් යන්න පිටත් වෙන්න සෙට් වුනා. "මල්ලි මොකක්ද අද ප්ලෑන් එක?" රංජි අයියා ඇහුවා. "මෙන්න මූ තමයි දන්නෙ අයියේ" අකලංකයා මාව පෙන්නුවා. "අපි අයියෙ අද හවස් වෙද්දී බදුල්ලට යන්න ඕන. හෙට උදේ එහෙන් එනවා වටපිට හොඳට බලාගෙන කෝච්චියෙම පොල්ගහවෙලට යන්න". "මල්ලිලා කොහෙද නතර වෙන්න ප්ලෑන් එක?", "එහෙම තාම තැනක් නෑ අයියේ" මම කිව්වා. "මල්ලි ගිහින් හම්බෙන්න කරුණාරත්න කියලා එක්කෙනෙක් බදුල්ල ස්ටේසමේ, රංජි අයියා කීවා කියලා කියන්න". අපි කොර වුනා මනුස්සයාගේ සපෝට් එකට. අපි බදුල්ලේ ඉඳලා එන කෝච්චියෙන් නානුඔයට ගිහින් නුවර එලියට යන එක තමයි ඊළගට තිබුනේ. "අයියේ, අපි යන්න කියලා. කරපු හැමදේටම ගොඩාක් ස්තූතියි. අයියාගෙ ගෙදර නවාතැන් දුන්නට කියන්න අයියෙ අපිට ගාස්තුවක්" මම රංජි අයියාට කිව්වා. "පිස්සුද මල්ලි? සත පහක් එපා. ඔයාල නියම කොල්ලො ටිකක්. ට්රිප් එකේ ඉතුරු ටිකත් පරිස්සමෙන් ජොලියෙ යන්න, ආයි මේ පැත්තෙ ආවොත් ඇවිල්ලා කතා කරල යන්න, ඒ ඇති" ඒ රංජි අයියා දුන්න උත්තරේ. මෙහෙමත් මිනිස්සු ඉන්නවද කියලා අපිට හිතුනා. අපේ ඇස්වලට කඳුලුත් ආවා. නන්නාඳුනන අපිට, කොහෙ ඉන්න වෙයිද කියලා හිතාගන්න බැරිව හිටිය අපිට රංජි අයියා ජීවිතේට අමතක නොවන මතක එකතු කරා. අපි රංජි අයියා බදාගෙන එතනින් සමුදීලා කෝච්චියෙ නානුඔයට පිටත් වුනා.
නානුඔයට ආපු අපි එතනින් නුවර එලියට බස් එකේ ඇවිත් බස් එකේම හග්ගල මල් වත්තට ගියා. මල්වත්තෙ ඔහේ ඇවිද්දා කලින් දවස මතක් කර කර. ශාලිකයාට ඉතින් අප්සට්. "අදවත් ආයි බොමු" කියලා ශාලිකයා කිව්වා. මල්වත්ත බලලා අපි වැලිමඩ බස් එකක නැගලා වැලිමඩෙන් බදුල්ල ආවා තව බස් එකක. ඊට පස්සෙ බදුල්ල ස්ටේසමට ගිහින් රංජි අයියා කියපු කරුණාරත්න අයියා හම්බුනා. රංජි අයියා ගැන කියපු ගමන් කරු එයාගේ ක්වාටස් එක අපිට දුන්නා. එයානම් කොහොමත් ඒකේ තනියම හිටියෙ. අපි රංජි අයියාට ආයේ පින් දුන්නා. ඊට පස්සේ අපි සෙට් එකම ආයි ගියා බදුල්ලේ ටවුමට. එතනින් ගියා ෆිල්ම් හෝල් එකකට. "ද බෝල්" කියලා "අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි" කියලා තිබුනා ඉංග්රිසි චිත්රපටියක් බැලුවා. ඇත්තටම ඒ ෆිල්ම් එක අකලංකයා ළඟ තිබුන නරකම චිත්රපටිවලටත් වඩා හොඳ එකක් වුනා. මුලු බැල්කනියටම අපි විතරයි, ඒක නිසා අපි හිතේ හැටියට හස්ත කර්මාන්තයේ නියැලුනා ශාලිකය ඇරෙන්න. අවශේෂ ටික සීට් එකට යටින් පිහලා දාද්දී "තොපිට මම කූතාඬි කියන්නේ ඕකනේ" කියල බනින්න ගත්තා. අපි තුන් දෙනාට ගාණක්වත් නෑ.ඊට පස්සෙ බියර් කෑන් ටිකකුයි සිගරට් ටිකකුයි අරන් කරූ අයියගේ තැනට ගිහින් ඒ ටික ඉවර කරලා සැපට නිදාගත්තා. තුන් වෙනි දවස එහෙම ඉවර වුනා.
හතරවෙනි දවසෙ අපි උදේම නැගිටලා උදේම තිබුන කෝච්චියේ සෙකන්ඩ් ක්ලාස් ටිකට් අරන් පොල්ගහවෙල එන්න පිටත් වුනා. හොඳට ඉඳගෙන සැපේ ආවා එනගමන්, ශාලිකයනම් මගදී ගොන් කෙල්ලෙක් සෙට් කරගෙන ඒකිත් එක්ක මුකුලු කර කර ආවා. හවස් වෙද්දී අපි පොල්ගහවෙලින් බැස්සා. පස්සේ කෑගල්ල-කුරුණෑගල බස් එකක කුරුණෑගලට ආවා හොඳටම හවස් වෙලා. ඒ විදියට ජිවිතේ ගියපු ලස්සනම අමතකම නොවෙන අපේ ට්රිප් එක ඉවර වුනා. ගෙවල්වලට ගියේ අපි හැමෝම මුකුත් නොවුන ගානට. අද වෙනකොට සෑහෙනට ට්රිප් ගිහින් ඇති. ඒත් මේ ට්රිප් එක බලද්දී අනික්වා කිට්ටු කරන්නවත් බෑ. අපිට අවුරුදු විස්සක්වත් නෑ මේ ගමන යද්දී. හොඳ වැඩ නරක වැඩ සහ අවදානම අතින් උපරිම වුනත් අපි හතර දෙනා අදටත් ඒ මතකයත් එක්ක ජීවත් වෙනවා හැමදාම. නිමි!
-------
ප.ලි. : අපේ තාත්තාට මම මේ ගමන ගැන කිව්වේ දැනට අවුරුද්දකට වගේ කලින්. තාත්තා ඔලුවේ අත ගසා ගත්තා. "උඹ මට ඉතුරු වෙලා ඉන්න එකම ලොකු දෙයක්" තාත්තා හිනාවෙලා ලොකු හුස්මක් හෙලුවා. අදටත් පට්ටිපොල ස්ටේසම ළඟින් හෝර්ටන් තැන්න යද්දී එතනින් බැහැලා මේ මතකය අලුත් කරගෙන යන්නේ ෆොටෝ එකක් අරගෙන. ගොඩ කාලෙයක් යනකන් රංජි අයියත් හමුවුනා එතනදි. පස්සෙ ආරංචි වුනා රංජි අයියා උපන් ගම් පලාත වෙන මීරිගමට මාරුවක් හම්බෙලා ගියා කියලා.